දියවඩන නිළමේවරුන් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන්නේ ප්‍රධාන නිකායන්හි මහනාහිමිවරුන්ගේ උපදෙස්වලට අනුව බව අධිකරණ සහ බුද්...
දියවඩන නිළමේවරුන් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන්නේ ප්‍රධාන නිකායන්හි මහනාහිමිවරුන්ගේ උපදෙස්වලට අනුව බව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) ශ්‍රී ලංකා රාමාඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විජේදාස රාජපක්ෂ මහතා උන්වහන්සේ බැහැදුටුවේ විහාර දේවාලගම් පනත සහ භික්ෂු කථිකාවත සම්බන්ධයෙන් ඇති වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමටය.
COMMENTS