දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව්හි සම්බෝධි විහාරය ඉවත් කරන්නැයි ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙකුගෙන් තර්ජන
Homeප්‍රවෘත්ති

මුලතිව්හි සම්බෝධි විහාරය ඉවත් කරන්නැයි ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙකුගෙන් තර්ජන

PropellerAds

මුලතිව් කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්ථානයෙන් පිටව යන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීව...

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි
ඉතාලි නෞකාවේ සිටි ලාංකිකයා සාර්ථක මෙහෙයුමකින් පසු ලංකාවට ගෙන එයි - (video)
වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි
මුලතිව්හි සම්බෝධි විහාරය ඉවත් කරන්නැයි ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙකුගෙන් තර්ජන

මුලතිව් කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්ථානයෙන් පිටව යන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු තර්ජනය කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුනරතන හිමියන් පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් පවසන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ තර්ජන වලින් පසුව කෝකිලායි සම්බෝධි විහාරස්ථානය අයත් ඉඩම වෙන පිරිසකට අයිති බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක් විහාරස්ථානය ඉවත් කළ යුතු බවට බලපෑම් සිදුකරන බවත් උතුරු පළාත් සභාව තුළ ද ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොටගෙන ඇති බවත්ය.

නමුත් විහාරස්ථානය පවත්වා ගෙන යන ඉඩම මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන් වහන්සේට බලපත්‍රයක් මගින් ලබාදී ඇති බව පැවසූ ගුණරතන හිමියෝ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනු කොට කෙටි කාලයකින් එම නඩුව ඉල්ලා අස්කරගත් බවද කියා සිටියේය.

තමන් වහන්සේ 2009 වර්ෂයේදී මුලතිව් කෝකිලායි පළාතට මුලින්ම වැඩම කළේ කෝකිලායි සිංහල පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බව පවසන විහාරාධිපති හිමියන් ඒ අතරතුර පළාතේ ආරක්ෂක අංශ වල මෙන්ම කෝකිලායි ධීවර ගම්මානයේ වැසියන්ගේ ආගමික වතාවත් ඉටුකළ බවද සදහන් කළේය.

විහාරස්ථානය ඉදි කිරීමෙන් පසුව එහි පෙරපාසලක් සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කොට පළාතේ සිංහල සහ දෙමළ දරුවන්ට අධය්‍යාපනය ලබාදෙන අතරතුර දෙපිරිස අතර සහජීවනය හා එකමුතුකම ද භාෂා ඥාණය ද දියුණු කරවීමට කටයුතු කරගෙන යන බවද උන්වහන්සේ පවසයි.

පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමත් ඔවුන්ට සාධාරණයක් ඉටුකොට දීමට උත්සහ කිරීමත් දෙමළ දරුවන්ට විහාරස්ථානය හරහා ආධාර සපයාදීමත් නිසා දෙමළ සන්ධානයේ දේශපාලනඥයින් එම ස්ථානය කෙරෙහි වෛරයෙන් පසුවන නිසා එය ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටී.

විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ බව කියන උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් කිසදු අවස්ථාවක විහාරාධිපති හිමියන්ට තර්ජනය නොකළ බවයි.

අවස්ථා කිහිපයකදී තමන් එහි ගියත් විහාරස්ථානයේ හාමුදුරුවන් නොසිටි බව සඳහන් කළ මන්ත්‍රීවරයා විහාරස්ථානය ඉදි කොට ඇත්තේ පෞද්ගලික ඉඩමක නිසා එය ඉවත් කළ යුතුය යන මතයේ තමන් තවමත් සිටින බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ මුලතිව් කෝකිලායි පළාතේ ධීවර ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි භක්තිකයින් බැවින් කෝකිලායි පළාතට බෞද්ධ විහාරස්ථානයක අවශ්‍යතාවක් නොමැති බවයි.

දිනසේන රතුගමගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව්හි සම්බෝධි විහාරය ඉවත් කරන්නැයි ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙකුගෙන් තර්ජන
මුලතිව්හි සම්බෝධි විහාරය ඉවත් කරන්නැයි ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙකුගෙන් තර්ජන
http://ift.tt/2aVIYk3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_362.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_362.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy