දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මඩකලපුවේ හිමි එළවන්නැයි උද්ඝෝෂණයක් (PHOTOS)
Homeප්‍රවෘත්ති

මඩකලපුවේ හිමි එළවන්නැයි උද්ඝෝෂණයක් (PHOTOS)

PropellerAds

පසුගියදා මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් රජයේ නිළධාරීන් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඊයේ (16) මඩකලපුව, පට්ටි...

ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක - සෞඛ්‍ය අංශ රජයට දන්වති
කොරෝනා දෙමුහුන් ප‍්‍රබේදයක් හදුනාගනී.. වාතය හරහා වේගයෙන් පැතිරේ !
කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට
මඩකලපුවේ හිමි එළවන්නැයි උද්ඝෝෂණයක් (PHOTOS)

පසුගියදා මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් රජයේ නිළධාරීන් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඊයේ (16) මඩකලපුව, පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසාදමා විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. 

ඊයේ උදෑසන 8.30 ට පමණ පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ පට්ටිපලෙයි සිවිල් සමාජ සංවිධානය විසිනි.

මෙලෙස උද්ඝෝෂණයේ යෙදුණු පිරිම කොක්කොඩිචෝලෙයි - වෙල්ලාවෙලි ප්‍රධාන මාර්ගය හරස් කරමින් ද උද්ඝෝෂණයේ යෙදුණහ.

මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් නිරන්තරයෙන් මෙලෙස රජයේ නිළධාරීන්ට දෝෂාරෝපණ එල්ල කරන නමුත් මෙතෙක් එම හිමිට විරුද්ධව කිසිම පියවරක් නොගැනිම වෙනුවෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව ඔවුන් කියාසිටියේය.

එම හිමියන් පොලිසියේ උසස් නිළධාරියෙකු ඉදිරිපිටදී රජයේ නිළධාරීන්ගේ රාජකාරී නිසි ලෙස සිදු කිරීමට බාධා සිදු කළ බවත් එම පොලිස් නිළධාරියා ඉදිරිපිටදීම රජයේ නිළධාරීට පහත් වචනවලින් බැන වැදුණු නමුත් එහි සිටි උසස් නිලධාරීන් නිහඬව සිටිනු දක්නට ලැබුණු බවත් මෙය මෙරටේ ප්‍රශ්ණයක් ඇතිකරන කාරණයක් බවත් උද්ඝෝෂණයේ නියැලෙන්නන් පැවසීය.

එබැවින් එම හිමි නමට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බවටත් එම හිමියන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පිටත යැවිය යුතු බවටත් ඔවුන් ඉල්ලා සිටී.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට දේශපාලඥයින්මහ ජනතාව හා නිළධාරීන් රැසක් එක්ව සිටි අතර එහිදී මාර්ගයේ ටයර් යොදා ගිනි තැබීමට තැත් කළ නමුත් නැගෙනහිර පළාත් කාෂිකර්ම අමාත්‍ය කේ. තුරෙයිරාජසිංගම් මහතා එය වැළැක්වීම හේතුවෙන් එහි කලබලකාරී තත්වයක් ඇති වූ අතර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා උද්ඝෝෂකයින් අතර විවාදයක් ද සිදු විය.

පසුගිය කාලයේ පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලෙන් ඇතුළු වූ බෞද්ධ හිමි ප්‍රාදේශීය ලේකම් සිවප්‍රියා මහත්මියට ප්‍රහාර එල්ල කිරීමට තැත් කල අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද හානි සිදු කර ඇත.

එයට විරුද්ධව මෙතෙක් කිසිම පියවරක් නොගෙන ඇති අතරඅදාල ප්‍රාදේශීය ලේකම්වරිය ස්ථාන මාරු කිරීමට පියවර ගන්නා ලද බව උද්ඝෝෂකරුවන් පැවසීය.

මෙම ස්ථානයට පැමිණි කළුවන්චිකුඩි ප්‍රාදේශීය පොලිස් අධිකාරි සිසිර තැත්තතන්ත්‍රී මහතා හා මඩකලපුව දිස්ත්‍රික් අතිරේක දිසාපති එස්.ගිරිදරන් මහතා උද්ඝෝෂකරුවන් සමග සාකච්ඡා පැවැත්වූහ.

අදාල බෞද්ධ හිමිනමට විරුද්ධව පියවර ගන්නා බවත් මඩකලපුවේ පරීක්ෂණ සිදුවන බවත් පැවසීමෙන් අනතුරුව කාර්යාලයේ රාජකාරී ආරම්භ විය.

ඡායාරූප පහතින්.

මඩකලපුව - ජවුෆර්ඛාන් 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මඩකලපුවේ හිමි එළවන්නැයි උද්ඝෝෂණයක් (PHOTOS)
මඩකලපුවේ හිමි එළවන්නැයි උද්ඝෝෂණයක් (PHOTOS)
http://ift.tt/2fWbRzf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/photos_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/photos_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy