දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පික
Homeප්‍රවෘත්ති

'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පික

PropellerAds

පැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගාගැනීමට නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.  අමාත්‍යවරයා...

රනිල්ගේ ආර්ථික කමිටුවට ඉහළින් මෛත්‍රීගේ කමිටුවක්.
රවීගේ ‘සින්නයියා’ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්
“පුස්වෙඩිල්ල” - චාමර ලක්ෂාන්
'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පික

පැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගාගැනීමට නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්මට අනුව හෝමාගම ඉදිවන තාක්‍ෂණික නගරයේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීම අද(11) දින බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරෙහි 11 වන මහලෙහි පිහිටි ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මේ මහා නගර ව්‍යාපෘතියේ තවත් වැදගත් පියවරක් හැටියට අපේ තාක්ෂණ නගරයේ යටිතල පහසුකමක් වන ඩිජිටල් යටිතල පහසුකම නැංවීම අපේ ආණ්ඩුවේ ආයතනයක් වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සිදුකරන්න අද අපි ගිවිසුම් ගත වෙනවා. මෙතැන් සිට ඒක අපිට විවෘතයි එම නගරයේ කටයුතු කරන  ඕනෑම කෙනෙකුට, වෙනත් සේවාදායකයෙකුගේ ඒ යටිතල පහසුකම මත පදනම් වෙලා තම සේවාවන් ලබාගැනීමට හැකිවෙනවා. 

ඇයි අපේ රටට විදේශ ආයෝජන එන්නෙ නැත්තේ. මේ වසරේ අපට විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 700 ක් පමණයි. නමුත් මියන්මාරයට ඩොලර් මිලයන 8900 ක් මේ වසරේ පළවෙනි මාස 9 ඇතුලේ ගිහින් තියෙනවා. මියන්මාරය වැනි රටකට එවැනි කි‍්‍රයාවලියක් සිදුවෙලා තියෙන්නේ හා අපට මෙවැනි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ අපේ මොනවා හරි අඩුපාඩුවකින්. අපට කිසියම් ගැටළුවක් තියෙනවාද? කියන ප‍්‍රශ්නය අපි බලන්න  ඕනේ. හුගක් දෙනෙක් කියන දෙයක් තමයි අපේ නීති ඒ වගේම අපේ අවසර ලබාගැනීමේ කි‍්‍රයාවලිය ආදී ඉතාම දුෂ්කර කි‍්‍රයාවලයක් කියලා. ඉඩම් ලබාගැනීම, පරිසර බලපත‍්‍ර ලබාගැනීම සහ අනෙකුත් කටයුතු ආයෝජකයින්ට ඉතාම දුෂ්කරයිලූ. ඒ අතරට යම් යම් අයට යම් යම් ආකාරයේ ව්‍යාපෘතින් සඳහා කොමිෂන් ආදිය ලබා දෙන්න වීම නිසා මේ අපේ රටට ආයෝජකයෝ එපාවෙලා කියලා අදහසක් පළකරලා තියෙනවා.  කාලයකට ඉස්සෙල්ලා කිව්වා යුද්ධය නිසා අපට ආයෝජකයො එන්නේ නැහැ කියලා. මෙහි පදනම තමයි දැන් තවදුරටත් මේ ශ‍්‍රී ලංකාව ලාභ ශ‍්‍රමය, ලාභ බලශක්තිය, ලාභ අමුද්‍රව්‍ය, ලාභ පරිසර නීති මත ශ‍්‍රී ලංකාවට ආයෝජකයන් ඇද ගැනීම කළ නොහැකියි. මේක පසුගිය රජයන් ගණනාවක්ම උත්සාහ කරලා අසාර්ථක වෙච්ච ක‍්‍රියාදාමයක්. එයට හේතුව අපේ අධික ශ‍්‍රම මිල ගණන්. අපේ අධික බලශක්ති මිල ගණන්. අපේ පරිසර නීති වැඩියි. ඒ වගේම අපේ ඒ ආකාරයේ කර්මාන්තවලට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි.

එනිසා ඒ පැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ. පෙරළා අපේ 77 ඉඳන් ආරම්භ කරපු වෙළඳ කලාප හරහා අපිට ඇගලූම් ක්‍ෂෙත‍්‍රයේ හැරෙන්න, අනෙක් කිසි ක්‍ෂෙත‍්‍රයක අපට බැරි උනා නිසිආකාරයෙන් තාක්ෂණය අවශෝෂනය කරගෙන අපේම වූ නිර්මාණ ප‍්‍රමාණයක් එළියට දාන්න. විදේශ ප‍්‍රාග්ධනය, විදේශ තාක්ෂණය මත පදනම්වෙලා දේශීය ප‍්‍රාග්ධනය, තාක්ෂණය කියන තැනට යන්න අපට බැරි උනා. ඒ පැත්තෙන් ගත්තම වෙනත් විදේශ රටවල් විශේෂයෙන්ම චීනය, මැලේසියාව, තායිලන්තය විශාල ඉදිරි පිම්මක් සැලසුම් කරලා තියෙනවා. අද ලෝකයේ සීග‍්‍රයෙන්ම ඉදිරියට යන වියට්නාමය මහා ඉදිරි පිම්මක් සලකුණු කරල තියෙනවා. වියට්නාමය ගැන අපි බැලූවහම අද ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රමාණය සමාන අපනයන ප‍්‍රමාණයක් තිබිච්ච රටක් මීට දශක දෙකකට කලින්. අද ශ‍්‍රී ලංකාවේ අපනයන ගූණය වගේ පහළොස් ගුණයක් විශාල අපනයක් කරන රටක්. විශාල ඉතිරි කිරීමක් කරලා තියෙනවා. අපේ ව්‍යූහාත්මක වෙනස්කම් වගේම අපි දැන් න්‍යායාත්මක වෙනසක් කරගත යුතුයි. ඒ න්‍යායාත්මක වෙනස තමයි ලාභ ශ‍්‍රමය, ලාභ බලශක්තිය, ලාභ පරිසරය මත ආයෝජකයින් කැඳවා ගන්න බැහැ නවෝත්පාදනය තමයි එකම මග ශ‍්‍රී ලංකාවට දැන් අලූත් ආර්ථික වර්ධන වේගයක් ගේන්න. ඒ සඳහා තමයි අපි ඇති කළේ අධිවේගී මාර්ග ඊට සමාන්තරව කහතුඩුවේ සිට කඩුවෙල දක්වා ප‍්‍රදේශය මහා ආයෝජන නගරයක්, නවෝත්පාදන නගරයක් හැටියට විවිධ තාක්ෂණයන් ඉදිරියට ගන්න.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පික
'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පික
http://ift.tt/2eJbjrL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_975.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_975.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy