මහනුවර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊයේ රාත්‍රියේදී ඔවු...
මහනුවර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊයේ රාත්‍රියේදී ඔවුන් පොලිස් ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.
ඊයේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ මහනුවර පොලීසිය විසිනි.
පසුගියදා මහනුවර ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි තුළ ප්‍රසිද්ධියට පත්විය.
අදාළ පහරදීමට හේතුව ශිෂ්‍ය නායකයෙකු විසින් පාසලේ සිසුවෙකුට කොණ්ඩය කපන ලෙස සිදුකළ දැනුම්දීමකින් අනතුරුව ඇති වූ බහින් බස්වීමක් බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ පහරදීමට සම්බන්ධ එම පාසලේම ආදී ශිෂ්‍යයින් සිව්දෙනෙකු මහනුවර පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණි.
COMMENTS