හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ, අද (01) ඔහු මීගමුව අතිරේක මහේස්ත්‍ර...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඒ, අද (01) ඔහු මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත එපිටවල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2002 වසරේදී මීගමුව - පිල්ලන්දුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර, ඒ අනුව පසුගිය 24 වනදා මීගමුව පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
COMMENTS