පාර්ලිමේන්තු පරිශ්‍රයට කලවැද්දකු පැමිණීම නිසා යම් කලබලකාරී තත්ත්වයක් උදාවූ බව වාර්තා වේ. මෙම කලවැද්දා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ ඇත්...
කලවැද්දා පාර්ලිමේන්තු
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි කානුවක රිංගා සිටියදී මෙම කලවැද්දා දැක ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසකි. එම සේවකයන් මහත් පරිශ්‍රමයක් යොදා කලවැද්දා අල්ලාගෙන පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් ඇත. දියවන්නා ඔය ආශි්‍රත කැලෑබද ප්‍රදේශයක සිට මෙම කලවැද්දා පැමිණෙන්නට ඇතැයි සැකකෙරේ. නයා, පොළඟා, මාපිලා, පිඹුරා වැනි සර්පයන් ගණනාවක්ම පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සිට මීට පෙර සොයා ගැනුණි.
ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
COMMENTS