දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්.
Homeගොසිප්

ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්.

PropellerAds

ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන...

Euro 4 අද සිට.
ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ කොටස් ගනුදෙනු තහනම් වේ.
කැනඩාව, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වේ.

ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514 ක්) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ  රජය එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කල හැකිවන පරිදි පූර්වයෙන් තෝරා ගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපකාර සමිති සහ සංවිධාන 6 ක් නවීන උපකරණ ස්ථාපනය කිරීම මඟින් පූර්ණ ලෙස නවීකරණය කිරීමට අපේක්ෂිතය.

වසර 45 කට වඩා දිවෙන ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර වන සංවර්ධන සහයෝගීතාවය සංකේතවත් කරමින්  මෙම සහනදායී ණය මුදල් ලබාදී තිබේ.

අදාළ නවීන උපකරණ මගින් ඉහළ ගුණත්වයේ කිරි ආශ්‍රිත නිපැයුම් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති අතර අදාළ ක්‍රියාවලිය පරිගණක ආශ්‍රයෙන්  නිරික්ෂණයටද හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව, අභිජනන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රංශයේ ලාභ අරමුණු කර නොගත් ආයතනයක් ගොවීන් වෙත ලබාදෙනු ලබන තාක්ෂණික සහයෝගීතාවය සහ ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත විධිමත් වෙළඳපොල ගවේශණයක්ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ඇත.

මෙම ව්‍යාපෘතිය, 2020 වර්ෂය වන විට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත වීම සඳහා වූ රජයේ ඉලක්කය සඳහා මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර වන පරතරය අවම කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති බවට අපේක්ෂිතය.

අදාළ මූල්‍ය එකඟතා ගිවිසුම සඳහා පසුගිය දා (27) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා  විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකවේ ප්‍රංශ තානාපති කාර්ය්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Isabelle MISCOT මහත්මිය ප්‍රංශ රජය වෙනුවෙන් අදාළ ගිවිසුමට අත්සන් කරන ලදී.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පවත්වන ලද මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රංශ රජයේ ආර්ථික උපදේශක Hervé SARNELLI මහතාද සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්.
ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්.
http://ift.tt/2pY1CAP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/139.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/139.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy