ගාලූ වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව මුදාහරිනවාද, එසේ නොමැතිනම් අබලි ද්‍රව්‍යයක් ලෙස වෙන්දේසි කරනවාද යන්න පිළිබඳ නියෝගය අද (23) ප්‍රක...
ගාලූ වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව මුදාහරිනවාද, එසේ නොමැතිනම් අබලි ද්‍රව්‍යයක් ලෙස වෙන්දේසි කරනවාද යන්න පිළිබඳ නියෝගය අද (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
නඩු භාණ්ඩයක් ලෙස තබා ඇති මෙම නෞකාව පිළිබඳව තීන්දුවක් ලබාදෙන බව පසුගිය 09 වැනිදා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය පැවසීය.
එදින නැව මුදාහැරීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ රජයේ නීතීඥවරයා එය මුදාහැරීම පිළිබඳ විරෝධයක් නොමැති බව ප්‍රකාශ කළේය.
ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත එය මුදාහැරිය යුතු බවත්, ඉන්පසු නැව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සඳහා අධිකරණයේ අවසරය ලබාගත යුතු බවත් ඔහු එහිදී ඉදිරිපත් කළ කොන්දේසි විය.
කෙසේ වෙතත්, වසරකට වැඩි කාලයක් නැංගුරම් ලා තිබූ මෙම නැවේ නඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන 77කට වැඩි මුදලක් වැය වී ඇති බව සඳහන් කළ ඇවන්ගාඩ් සමාගමේ නීතීඥවරුන් ඒ වෙනුවෙන් තවත් විශාල මුදලක් වැය කිරීම ගැටළුසහගත බව ප්‍රකාශ කළේය.
ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසර 30ක් පැරණි නැවේ සියලු නඩත්තු කටයුතුවලින් සමාගම ඉවත්ව ඇති බැවින් ඊට හානියක් සිදුවී සමුද්‍ර දූෂණයක් සිදුවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවයි.
කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරිය මෙම නැව සම්බන්ධයෙන් නියෝගය අද ලබාදෙන බවත්, දැනට අත්අඩංගුවට ගෙන සිටින ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් පසුගිය 9 වන දා නියෝග කළේය.
COMMENTS