දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැමිලස්ගේ උත්සවයේදී බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ
Homeගොසිප්

කැමිලස්ගේ උත්සවයේදී බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ

PropellerAds

කැමිලස්ගේ උත්සවයේදී  බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ අද (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්ප...

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුත් වෙයි.
රන්ජන්, තිලංගගේ සරසවි හැදිල්ල හා පොත් ගැන හෙළිකරයි.
මොරගහ කන්ද විදුලියෙන් මාර්තුවේ ලක්ෂ 900ක ආදායමක්.



කැමිලස්ගේ උත්සවයේදී 
බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ

අද (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ.
ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සිටින කැමිලස් මහතා කලක සිට රිවිර පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අතර ඔහුගේ කාටූන් වලට ආසා කරන දේශපාලන හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු දිරිගන්වමින් මෙම උත්සවයට පැමිණි ආරාධිතයින් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,
ඇමති දයාසිරි ජයසේකර, ඇමති ගයන්ත කරුණාතිලක ආදීන්ද සිටියා.
මෙම උත්සවයට කැමිලස්ගේ සේවය අගයන මුඛ්‍ය දේශනයක් හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ කෙටි දේශනයක් පමණක් ඇතුළත්වූ අතර ඒ සියල්ලටම සවන් දෙන අටියෙන්දෝ උත්සවය ආරම්භයේදීම ජනපතිවරයාද ශාලාවට පැමිණ අසුන්ගෙන සිටියා.



මෙහි මුඛ්‍ය දේශනය කරන්නට පැවරී තිබුනේ පසුගිය කාලයේ ‘මුල්පිටුව‘වැඩසටහනින් කාටූන් ජනප්‍රිය කරවීමට මෙහෙවරක් සිදු කළ පසුගිය රජය සමයේ ලේක්හවුස් සභාපතිවූ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාරයි. මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු ලෙස ප්‍රකට වුවද ඔහු කතාවක් සිදුකිරීම කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුනේ නැති අතර ඔහු තමාට ආරාධනා කළ අවස්ථාවේ වේදිකාවට ගොඩවී දේශනය ඇරඹුවේ පැමිණි අයගෙන් අවසර ගනිමිනි.

සංඝරත්නය, කැමිල්ස් මහතා, කැමිලස් මහතාගේ පවුලේ අය සහ හිතවතුන් වෙනවෙනම නම් කරමින් ඔහු කතාව ආරම්භ කළ නමුත් තමන් ඉදිරිපිට පෙනී සිටින ප්‍රථම පුරවැසියාව ඔහු හිතාමතා අමතක කර එම අවසර ගැනීම කර තිබුණි.
එතැනට රටේ ජනපතිවරයා පැමිණ ඇති බව ඔහු කියා සිටියේ නැත.
ප්‍රවිණ මාධ්‍යවේදියෙකු හා ඇති තරම් කතාපවත්වා ඇති අයෙකු වූ ඔහු අතින් මෙය අත්වැරැද්දක් ලෙස සිදුවූයේ නැති බවද නිරීක්ෂණය විය.
මේ අවස්ථාවේ සභාවේ තැන තැන කසු කුසු මතුවූ බවද වාර්තා වේ. ඔහු හිතාමතාම ඒ දෙය කළ බව බොහෝ දෙනෙකුට ඒත්තු යන ලදි.
දයාසිරි ඇමතිවරයාද ගයන්ත ඇමතිවරයාද බලවත් අපහසුතාවයෙන් සිටිනු දක්නට ලැබුණ බව එතැන සිටි අය වාර්තා කර තිබේ.ජනපතිවරයා එය ගණන් ගත්තේ නැත.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල යන නම බන්දුලගේ දේශනයේ කවර තැනකවත් මතු කළේද නැත. මිනිත්තු 27 ක් දේශනය සිදු කර ඔහු වේදිකාවෙන් බැස ගිය අතර ඉන් පසුව ඔහු ජනපති අසළටවත් ගියේද නැති බව නිරීක්ෂණය වී තිබේ.
කවර දේශපාලන පරස්පර මත තිබුණත් රටේ ජනපතිවරයා පැමිණි උත්සවයකදී මේ ආකාර හැසිරෙන්නන් විරල බව පැමිණි සිටි වැඩිදෙනාගේ අදහස විය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැමිලස්ගේ උත්සවයේදී බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ
කැමිලස්ගේ උත්සවයේදී බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ
http://ift.tt/2gH3ubF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_717.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_717.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy