කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතියේ ස්ථාපිත ජල විදුලි බලාගාරය මගින් මේ වන විට රුපිය...
කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතියේ ස්ථාපිත ජල විදුලි බලාගාරය මගින් මේ වන විට රුපියල් ලක්ෂ නවසියයක ආදායමක් උපයා ඇති බව එහි ව්‍යාපෘති කාර්යාලය පවසයි.
පසුගිය මාර්තු මාසයේ පමණක් මෙම ආදායම ඉපයීම විශේෂත්වයක් බවත්, වාර්ෂිකව මෙම ජල විදුලිබලාගාරයෙන් ඉපයීමට අපේක්ෂිත මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන එකසිය පනස් හතරක් වන බවත්, මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පී. ජී. දයානන්ද මහතා සඳහන් කළේය.
පසුගියදා (22දා) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පී.ජී. දයානන්ද මහතා මෙම අදහස් පළ කළේය.
ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට පසුගිය සමයේ ඇදහැළුණු අධික වර්ෂා තත්ත්වය හමුවේ ජලාශයෙන් කුඹුරු අක්කර අසූදහසක් සඳහා ජලය නිකුත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල සහ කන්තලේ ජලාශවලට ජලය නිකුත් කර ඇති බවත්, එම ජලාශ යටතේ යල කන්නයේ ගොවීන්ගේ කුඹුරු වගා සඳහා ගැටලුවකින් තොරව ජලය ලබාදිය හැකි බවත් දයානන්ද මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම ජල විදුලි බලාගාරයෙන් එකවර මෙගා වොට් 25ක විදුලි ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක්කළ හැකි බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
විදුලි බලය නිපදවා මුදාහරින ජලය යළි වගාබිම් වෙත මුදාහැරීම හේතුවෙන් ගොවීන්ගේ ආර්ථිකය මෙන්ම වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවන බවද දයානන්ද මහතා සඳන් කළේය.
ඉහළ ජලාධාර ප්‍රදේශවලින් පළමුව බෝවතැන්න ජලාශයට ලැබෙන ජලය තුළින් විදුලිය නිපදවා, අඹන් ගඟට මුදාහැරෙන ජලය යළි මොරගහකන්ද ජලාශයේ ගබඩා කර විදුලිය නිපදවා ගොවි බිම්වලට ජලය මුදාහැරෙන අයුරින් මෙම ව්‍යාපෘතිය සකස් කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

COMMENTS