අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ අදාහන උත්සවය පැවති දින මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසළ ...
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ අදාහන උත්සවය පැවති දින මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසළ සැකකටයුතු අන්දමින් හැසිරීමේ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටින සපුමල් දේවින්ද කුමාර නැමැත්තා නොවැම්බර් 17 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (15) නියෝග කළේය.
අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවයි.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන බව ප්‍රකාශ කර ඇත.
ඔහුගේ මානසික තත්ත්වය පරික්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
COMMENTS