ට්‍රම්ප් යටතේ ඇමරිකාව මුස්ලිම් තහනම් කලාපයක් වෙයිද? පසුගියදා ඇමරිකාවේ ජනපති පදවියට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරණය අතරතුර ස...
ට්‍රම්ප් යටතේ ඇමරිකාව
මුස්ලිම් තහනම් කලාපයක් වෙයිද?
පසුගියදා ඇමරිකාවේ ජනපති පදවියට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරණය අතරතුර සිදු කළ බරපතල ප්‍රකාශයක් නිසා බොහෝ අය අතර කතාබහට ලක්වූ අයෙකි. ඔහු කියා තිබුනේ ඔහු බලයට පත්වුවොත් ඇමරිකාවට ඇතුළුවීමට මුස්ලිම් ජාතිකයන්ට ඉඩ නොතබන බවකි.
ඇමරිකාවට වර්තමානයේත් පවතින ත්‍රස්ත තර්ජන වල මූලිකත්වය ගන්නේ මුස්ලිම් අන්තවාදීන් වීම නිසා ඒ ආකාර සම්බාධක පැනවීමක් ඇමරිකානුවන්ගේ සැකබිය අඩු කිරීමට
හේතුවක් විය හැකි නිසා සුදු ජාතික ඡන්ද විහාල වශයෙන් ලබාගන්නට ඔහුට අවස්ථාවක්ද උදාවිය.මෙම පොරොන්දුව මත බලයට පැමිණි ට්‍රම්ප් ඉදිරියට මුස්ලිම් ජාතිකයන්ට බාධා හිරිහැර කරාවි යන බිය ඇතිවූ නිසා පසුගිය සතියේ එරට විරෝධතා ව්‍යාපාර පවා ඇති විය. දැන් බොහෝ දෙනාට පැනගනැගී ඇති ගැටලුවක් ව ඇත්තේ ඔහු කියූ ලෙසම කරාවිද යන්නයි.
ඒ නිසා මුස්ලිම් ජනතාව සම්බන්ධ ඇමරිකාවේ ප්‍රශ්නය තවමත් ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබේ.
මැදහත් විචාරකයින් පවසන්නේ මැතිවරණ පොරොන්දු ඉටු කරමින් ට්‍රම්ප් මුස්ලිම් අය සම්බන්ධ නීතිරීති අලුතින් පනවන්නට ඉඩ තිබෙන නමුත් ඒවා කියූ තරම් දැඩි ඒවා නොවනු ඇති බව හා ඒවා තාවකාලික ඒවා පමණක් වනු ඇති බවත්ය.
පහත පළවන්නේ 2015 මැතිවරණ සමයේ ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයයි.
ඡන්ද දත්ත තොරව සැලකුවත් එය වෛරය අවබෝධය ඉක්මවා යන්නක් බව කාටවත් පැහැදිලිය. මෙම වෛරය පැමිණෙන්නේ ඇයි? ඒ ගැන අප තීරණය කළ යුතුව ඇත.භයානකවූ ජිහාඩ් පමණක් විශ්වාස කරන ජනතාව විසින් බිහිසුණු ප්‍රහාර ඇති කර මානව ජීවිතයට හානි ඇති කරවීම වැළැක්වීමට අපට අවශ්‍යයි. මම ජනාධිපති ලෙස මැතිවරණ ජයග්‍රහණය කරයි නම්, එක්සත් ජනපදයට මුස්ලිම් ජාතිකයන්ට ඇතුළුවීම පූර්ණ හා සහමුලින්ම වසාදමා එම බිය නැති කරන්නට කටයුතු කරනවා. අපි ඇමරිකාවේ මානව ගරුත්වය මතුකළ යුතුයි.‘
- ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් 2015 දෙසැම්බර් මස 7
COMMENTS