ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසක් අතර පවත්නා ගැටලුකාරී තත්ත්වය අවම කර එක් පක්ෂයක් වශයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසක් අතර පවත්නා ගැටලුකාරී තත්ත්වය අවම කර එක් පක්ෂයක් වශයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාවයෙන් කමිටුවක් පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඒකාබද්ධ විපක්ෂයෙන් කමිටුවක් පත් කිරීමට යන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව රජයේ පාර්ශවයෙන් අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයෙන් පත් කරන කමිටුව පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
COMMENTS