දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාහිර උපාධි ප‍්‍රශ්නය උඩුදුවයි: ආණ්ඩුව සිසු කප්පාදුවකට සැරසෙයි
Homeප්‍රවෘත්ති

බාහිර උපාධි ප‍්‍රශ්නය උඩුදුවයි: ආණ්ඩුව සිසු කප්පාදුවකට සැරසෙයි

PropellerAds

බාහිර උපාධි පාඨමාලාව පදනම් කරගෙන වර්තමාන රජය සිසු කප්පාදුවක් කිරිමට සුදානම් වන බවට සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි. ඉදිරියේදි කැළණිය විශ්ව...

සම්බන්ධන් දෙමළ ජනයා වෙනුවෙන් සාධාරණත්වයක් ඉල්ලයි
වැලිකන්දට ටොනාඩෝවක් - නිවාස 27කට හානි
හොරුන්ට ඔක්සිජන් දෙන ඇමතිවරු ගැන රන්ජන් කියයි (VIDEO)
බාහිර උපාධි ප‍්‍රශ්නය උඩුදුවයි: ආණ්ඩුව සිසු කප්පාදුවකට සැරසෙයි

බාහිර උපාධි පාඨමාලාව පදනම් කරගෙන වර්තමාන රජය සිසු කප්පාදුවක් කිරිමට සුදානම් වන බවට සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි.

ඉදිරියේදි කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් සීමිත ප්‍රමාණයක් බදවා ගැනීමට විශේෂ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

බාහිර උපාධි පාඨමාලා සදහා සිසුන් බදවා ගැනීමේ ක‍්‍රියාපටිපාටිය තුල සිදුකරන ලද වෙනස්කම් පදනම් කරගනිමින් ආණ්ඩුව විසින් අධ්‍යාපන කප්පාදුවකට සැරසෙන බව ප‍්‍රකාශ කරමින් ඊට එරෙහිව ඊයේ (26) ජනතා විමුක්ති පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා විසින් මෙසේ සඳහන් කළේය.   

“ඔබ කවුරුත් දන්නවා නැවත වතාවක් බාහිර උපාධි පාඨමාලා පදනම් කර ගනිමින් වර්තමාන ආණ්ඩුව සිසු කප්පාදුවකට සූදානම් වෙනවා. හැම වර්ෂයකම උසස් පෙළ විභාගය සදහා ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් මුහුණ දෙනවා. නමුත් එයින් සමත් වෙන්නේ 125,000ක පමණ පිරිසක් තමයි. හැබැයි නිදහසෙන් පස්සේ පත්වුණු හැම ආණ්ඩුවක්ම සමත් වෙලා නැහැ ඒ සියලූ දෙනාටම උසස් අධ්‍යාපනයේ වරම් හිමිකර දෙන්න. මොකද අපි හැමෝම දන්නවා මේ අයගෙන් විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව හිමි වන්නේ 25,000ක් වගේ පිරිසකට පමණයි. ඒ කියන්නේ 100,000කට අධික පිරිසක් උසස් පෙළ සමත් වුණත් මේ අධ්‍යාපන කි‍්‍රයාවලිය ඇතුළෙ අනාථභාවයට පත් කරලා තියෙනවා. ඒ අනාථ වුණු තරුණ පිරිසට යම් හෝ උපාධි බලාපොරොත්තුවක් තිබුණේ දීර්ඝ කාලයක ඉදන් රාජ්‍ය විශ්වවිද්‍යාල පදනම් කරගෙන බාහිර උපාධි පාඨමාලා ප‍්‍රමාණයක් පවත්වාගෙන ඒම තුළයි. 

නමුත් අපට මතකයි පසුගිය ආණ්ඩුව ඒ කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව 2010-2014 කාලය ඇතුළත බාහිර උපාධි පාඨමාලා සදහා ශිෂ්‍යයන් බදවා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා. ඒ වගේම  ඒ වෙලාවේ ශිෂ්‍යයන්, ගුරුවරු හා රටේ අනෙකුත් ප‍්‍රගතිශීලීන්, බුද්ධිමතුන් හා අපිත් ඇතුළුව ඊට එරෙහිව ගත්ත දැවැන්ත උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵලයක් විදියට 2014 වසරේ සිට නැවත මෙම පාඨමාලා  කි‍්‍රයාත්මක කරන්නට පටන් ගෙන තිබෙනවා. හැබැයි දැඩි කොන්දේසි මත. උදාහරණයක් ලෙස ගත්තොත් රුපියල් 6000ක් වෙලා තිබුණු පාඨමාලාව රුපියල් 72,000 දක්වා මිල වැඩි කිරීම කරලා තිබුණා. නමුත් ඒ තත්වය තුළ හෝ ඒ පාඨමාලාව ඉදිරියට අරගෙන ගියා. නමුත් මේ යහපාලනය කියන ආණ්ඩුව දැන් කරන්න හදන්නේ මොකක්ද? අද තියෙන අලූත්ම තත්වය තමයි අගෝස්තු මාසය වෙද්දී කැළණිය සරසවියට විශේෂ උපදෙස් පත‍්‍රිකාවක් එවලා තියෙනවා සහ ඒකේ පැහැදිලිව සදහන් වෙනවා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අභ්‍යන්තර සිසුන් ප‍්‍රමාණයට සමාන පිරිසක් තමයි බාහිරව බදවා ගැනීමට පුළුවන්කම තියෙන්නේ කියලා. උදාහරණයක් විදියට කිව්වොත් විශ්ව විද්‍යාලයට අභ්‍යන්තරිකව 1000ක් දෙනා ඇතුළත් කර ගන්නවා නම් බාහිරවත් ඇතුළත් කරගන්න පුළුවන්කම තියෙන්නේ 1000ක් දෙනා පමණයි. නමුත් අපි දැන් සාකච්ඡා කරද්දී ඔවුන්ගේ පැත්තෙන් එන අදහස තමයි රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් වසරකට පිටවන උපාධිධාරීන් ප‍්‍රමාණය දෙගුණයක් කර ගැනීම රජයේ අරමුණ වී ඇති බවයි. බැලූ බැල්මට නම් මේක ටිකක් හොද වැඩක් කියලා තමයි හිතෙන්නේ. නමුත් මේක හොදින් අධ්‍යයනය කළාට පස්සේ ඔබට පෙනේවි මේ තුළ ආණ්ඩුව සහ අදාළ බලධාරීන් විසින් ක‍්‍රියාත්මක කරන්න යන්නේ මොකක්ද කියලා. උදාහරණයක් විදියට කැළණිය විශ්ව විද්‍යාලය තුළ 2006 වසරේ දී අයදුම්පත් 11082ක් ලැබිලා තියෙනවා. නමුත් ඉන් උපාධිය අරගෙන තිබෙන්නේ 1158යි. 2007 දී ගත්තොත් 13959 ක් අයදුම් කළත් ඉන් 2057ක් පමණයි උපාධිය ලබාගෙන තිබෙන්නේ. 2008 දීත් 12656ක් වුණු අයදුම්කරුවන් අතරින් උපාධිය අරගෙන තිබෙන්නේ 3518ක් පමණයි. 2009 දී ගත්තොත් අයදුම්කරුවන් 16704ක් අතුරින් උපාධිය ලබාගෙන තියෙන්නේ 2100ක් පමණයි. ඒ වගේම 2010 වසරේ දී අයදුම්කරුවන් 15400ක් අතුරින් උපාධිය සම්පූර්ණ කරලා තියෙන්නේ 1994ක් පමණයි. එතකොට දැන් පැහැදිලිව තේරෙනවා බාහිරින් උපාධිධාරීන් ප‍්‍රමාණයක් ගත්තට ඉන් 10%කට ආසන්න ප‍්‍රමාණයක් පමණයි උපාධිය සම්පූර්ණ කරලා තිබෙන්නේ. එතකොට ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබෙනවා නම් උපාධිධාරීන් ප‍්‍රමාණයක් වැඩි කර ගන්න මේ ඒකට උත්තරයක් නොවන බව පැහැදිලියි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන සිසුන් අතරින් 97% - 98% කට ආසන්න ප‍්‍රමාණයක් උපාධිය සම්පූර්ණ කරගන්නවා. නමුත් මං කලිනුත් කිව්වා වගේ බාහිරව ඇතුළත් කරගන්නා පිරිසෙන් 10%කට ආසන්න ප‍්‍රමාණයක් පමණයි විවිධ හේතු නිසා තමන්ගේ උපාධිය අවසන් කරන්නේ. එහෙම නම් ආණ්ඩුවේ ඔය කියන වුවමනාව සැබෑ එකක් නම් කරන්න  ඕනා පළමු දේ තමයි මේ බදවා ගැනීම්වලට සීමා පැනවීම නතර කිරීම. ඒ වගේම මේ සදහා යොමු වෙන තරුණ තරුණයන් මුහුණ දෙන අනෙකුත් ගැටළු ඒ කියන්නේ ගාස්තුව වැඩි වීම වගේ දේ සදහා ඔවුන්ට සහන සලසන්න  ඕනා. ඒ නිසා පැහැදිලිවම මේ කි‍්‍රයාවලිය තුළ ආණ්ඩුව සැරසෙන්නේ සිසු කප්පාදුවකටයි. “

“මෙවර 2014 වසර සදහා කැළණිය විශ්ව විද්‍යාලයට අයදුම්පත් කැදවලා තිබෙනවා 14,000ක්. මේ ක‍්‍රමයට අනුව සිසුන් ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ 2160යි. දැන් එහෙමනම් මේ නව කි‍්‍රයාවලිය තුළ තවත් 12000කට ආසන්න ප‍්‍රමාණයක් නැවත වතාවක් අධ්‍යාපනය තුළ අනාථභාවයට පත්වනවා. ඒක ප‍්‍රශ්නයක්. ඒ වගේම කැළණිය විශ්ව විද්‍යාලයට දැන් 2014 වසර සදහා අයදුම්පත් එවපු තරුණ තරුණියන් 14000ක් දෙනා රුපියල් 1500 ගණනේ ගෙවලා තමන්ගේ අයදුම්පත් ලබාගෙන තිබෙනවා. සමහර සිසුන් අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ පාඨමාලාව සදහා පංති ගිහින් තියෙනවා. එතකොට දැන් කිසිදු දැනුම් දීමකින් තොරව මේ කප්පාදුව කරමින් ඉන්නවා. ඒක නිසා අපි අහනවා මේ වර්තමාන ආණ්ඩුවෙන්, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පදනම් කරගනිමින් සිටින මේ උපාධිධාරීන් ප‍්‍රමාණය බරක් සේ සලකලා ඒකට බයේ ද මේ කප්පාදුවට සූදානම් වෙන්නේ?“  

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාහිර උපාධි ප‍්‍රශ්නය උඩුදුවයි: ආණ්ඩුව සිසු කප්පාදුවකට සැරසෙයි
බාහිර උපාධි ප‍්‍රශ්නය උඩුදුවයි: ආණ්ඩුව සිසු කප්පාදුවකට සැරසෙයි
http://ift.tt/2dcxWGz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_869.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_869.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy