දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ - නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි
Homeගොසිප්

මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ - නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි

PropellerAds

සතුරන් දැන් මට එරෙහිව සිඟිති විනෝදයක් ලබනවා මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ.... . නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි පසුගියදා පාර්ලිම...

පොලීසිය SMART පොලිස් හමුදාවක් කළ යුතුයි.
'රනිල් පොරොන්දු ඉටුකරමින් තිබෙනවා' : රංගේ බණ්ඩාර ට්‍රැක් පනී.
ජනාධිපතිවරණයට සජිත් සූදානම්!
සතුරන් දැන් මට එරෙහිව සිඟිති විනෝදයක් ලබනවා
මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ....
.
නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ තරුණයෙකු ඖෂධ අධිමාත්‍රාවක් ලබාගෙන මියයාමේ සිද්ධිය මේ වනවිට දේශපාලන ලෝකයේ රැව් පිළිරැව් දෙන සිදුවීමක් බවටද පත්ව ඇත. විමල් මේ නිසා උසුළු විසුළු වලටද භාජනය වී ඇත. ඔහු එම මරණය හා ඊට ලැබෙන ප්‍රතිචාර ගැන
මෙවර ඉරිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් කියා ඇත්තේ තමාගේ පුතා උසස් පෙළ නිම කර යාළුවො ඇසුරු කරන්නට ගෙදරට ගෙන්වා ගත් නිසා මේ සිද්ධියට තමා පැටළුණ බවයි.
එම සිද්ධිය මුල් කරගෙන අවලාද නැගීම් කරන්නේ තමන්ගේ දේශපාලන වෛරක්කාරයන් බවත් එසේ කරන්නේ කිසිම දිනෙක


කිසිම අයෙකුට මඩ ගසා නැති තමාට බවත් ඔහු කියා සිටියි. ඔහු ඒ ගැන පැවසූ හැටි මෙසේය.

ඔබේ නිවසේ තරුණයෙක් මියයනව නේද?


ඒ මගේ පුතාගෙ මිතුරෙක්.මීට කලිනුත් ඒ පුතා අපේ ගෙදර ඇවිත් තියනවා.අපේ පුතාගේ යාළුවො දෙතුන්දෙනෙක්වත් නිතරම වගේ ගෙදර ඉන්නවා.මගෙ පුතාගෙ උසස්පෙළ විභාගෙත් ඉවරයි.ඉතින් පුතා එළියට යන්නෙ නෑ.

යාළුවො ගෙදරට එනවා.එහෙම ගෙදර ඉන්න කොට වෙන මුකුත් ප්‍රශ්න ඇතිවෙන්නෙ නැති හින්දා අපිත් ඒකට ඉඩදීලා තියනවා. අවට ගෙදරක පුතෙක් තමයි ඔය හදිස්සියේ මරණයට පත්වෙන්නෙ. ඉතින් ඔය සිද්ධිය වෙන්නෙ අපේ ගෙදර නිසා විමල් වීරවංශට ගහන්න මේක හොඳ තුරුම්පුවක් කියල හිතන අපේ සතුරන් මේක හරහා සිඟිති විනෝදයක් ලබනවා.

මට ඕන දේකට ඔරොත්තුදෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඒ අය කරන විශාල හානිය තමයි මියගිය දරුවාටත් ඒ අය අවමන් කරන එක. ඒ වගේම මගේ දියණිය..අවුරුදු 16 වෙච්ච මගේ දියණියටත් මේ අය අවමන් කරනවා.එහෙම අශිෂ්ට මෙහෙයුමක් ඔවුන් කරනවා.

ඔබත් හැමෝටම මඩගහන හින්දා ඕවා බලාපොරොත්තු විය යුතුයි?


මම කෙනෙකුට ගහපු මඩක් ඔබ මට කියන්න.මඩක් කියලා කියන්න පුළුවන් දෙයක් ඔය මහත්තුරුන්ට පෙන්වලා දෙන්න කියල මම අභියෝග කරනවා.අපට ඔය කුණු රසය අවශ්‍ය නෑ.අපට තියෙනවා දේශපාලන විවේචනයක්.මම ජේවීපී ඉන්නක කාලෙ ඉඳලා අඛණ්ඩව සංසාරයේ ඉවරයක් නැතිව ඉන්න වෛරක්කාරයන්ගෙ ප්‍රතික්‍රියාවක් මිස මේක වෙන මුකුත් නෙමෙයි.

(සාකච්ඡා සටහන - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ - නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි
මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ - නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි
http://ift.tt/2g9pVFJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_390.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_390.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy