දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණයට සජිත් සූදානම්!
Homeගොසිප්

ජනාධිපතිවරණයට සජිත් සූදානම්!

PropellerAds

එළැඹෙන ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස නම් කරන්නේ නම් ඔහු මේ වනවිට ඒ සදහා කැමැත...

පවුලට එක්වූ නව සොයුරිය පිළිගනිමින් නාමල් තැබූ සංවේදී සටහන
රෝහිත ටට්යානා මංගල්ලෙට රනිලුත් ඇවිත්
රෝහිත ටට්යානා වසර 3 කට පෙර නිර්මාණය කළ මියුසික් වීඩියෝව



එළැඹෙන ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස නම් කරන්නේ නම් ඔහු මේ වනවිට ඒ සදහා කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

එජාප පක්ෂ ප‍්‍රතිසංස්කරණවලදී ඒ සඳහා පෙරමුණ ගන්නේ නැතැයි සහ එජාපයේ නායකත්වයට පැමිණෙන්නට සජිත් පේ‍්‍රමදාස තුළ උනන්දුවක් නැතැයි යන්න ප‍්‍රකාශ කරමින් සජිත් පේ‍්‍රමදාස මහතාට එජාප පසුපෙළ මන්ත‍්‍රී කණ්ඩායම තුළින් චෝදනා පැමිණි අතර එම සංවාදය සමගින් පක්ෂය තුළ ඔහුගේ ජනප‍්‍රියත්වය පහළ වැටුණි. පක්ෂය තුළ ඔහු වටා ගොනුවී සිටි තලතා අතුකෝරල, රංජිත් මද්දුම බණ්ඩාර ප‍්‍රමුඛ මන්ත‍්‍රී කණ්ඩායමද මේ නිසා ඔහුගෙන් දුරස්විය. මෙම තත්ත්වය සමග පක්ෂයේ නායකත්වයට පැමිණීමට 2025 තෙක් ඉවසාගෙන සිටීම පසෙකලා දැන් ඔහු ඉදිරියට පැමිණ එළඹෙන ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා වීමට කැමැත්තෙන් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

මේ පිළිබඳව අනිද්දා වෙත අදහස් දක්වමින් එජාප ප‍්‍රබලයෙකු පැවසුවේ ගෝඨාභය රැුල්ල යටයෑම සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාද ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වීම ආදි තත්ත්වයන් නිසා එජාපයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන්නේ නම් ඔහුට පහසුවෙන් ජයගන්නට හැකිවනු ඇති බවය. මේ අතර නවීන් දිසානායකට සමීප පිරිස් ප‍්‍රකාශ කරන්නේ ඔහුට 2025 තෙක් කාලය තිබෙන බවය. අවශ්‍ය නම් සජිත් පේ‍්‍රමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම්කරන අතර නවීන් දිසානායක අගමැති අපේක්ෂකයා කිරීම තුළින් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර මෙන්ම තරුණ ප‍්‍රජාව අතරද විශාල පිබිදීමක් ලබාගන්නට හැකිවනු ඇති බව ඔවුහු පවසති. මේ අතර පසුගිය 12 වැනිදා සිරිකොතදී මාධ්‍ය හමුවක් පවත්වමින් නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළේ තම පක්ෂයට දිනන්නට පුළුවන් අපේක්ෂකයෙකු සිටින බවය. එම පුද්ගලයා නිසි වේලාවට ඉදිරිපත් කරන බවද ඔහු කීය.

එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව කරුණු විමසීමේදී එජාපය නියෝජනය කරන අමාත්‍යවරයෙකු ප‍්‍රකාශ කළේ ජනපතිවරණයක් අබියසදී තම පක්ෂයේ ජනප‍්‍රියම නායකයා කවුරුන්දැයි මත විමසීමක් කරන බවය. සුවිශේෂම අවස්ථාවක් නොවන විටදී හැර එම මත විමසීමේ ප‍්‍රතිඵලය මත අපේක්ෂකයා තෝරාගන්නා බව ය. රට තුළ මෙන්ම එජාප පාක්ෂිකයන් අතරද සජිත් පේ‍්‍රමදාස මහතාට ඉහළ ජනප‍්‍රියත්වයක් තිබෙන පසුබිමක එවැනි මත විමසීමක් මත පදනම්ව අපේක්ෂකයා තෝරාගතහොත් සජිත් පේ‍්‍රමදාස මහතා එම අපේක්ෂත්වය දිනාගනු ඇති බවට ඔහු විශ්වාසය පළකළේය.

මේ අතර පසුගිය 04 වැනි දා රත්මලානේ පැවැති උත්සවයකදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ ‘දැන් කතාවක් යවනවා මම තාම ලෑස්ති නැහැ කියලා. මම තමුන්නාස්සෙලාට එකක් කියන්න කැමතියි. මම හැම දේකටම රෙඩි. තව කට්ටියක් කියනවා මම රාජ යෝගය එනකම් ඉන්නවා කියලා. මම කියන්න කැමතියි මට රාජ යෝගය උදාවෙලා තිබුණේ ඉපදුණ දවසේ ඉඳලා කියලා.’ යනුවෙනි. එහිදී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණේ තමන් ඕනෑම අභියෝගයක් ජයගන්නට සූදානම් බවය.

(අනිද්දා)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණයට සජිත් සූදානම්!
ජනාධිපතිවරණයට සජිත් සූදානම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBDRfglK5fQeJ5I4CQAa11ORJGC13xTGs1qb6RHYDgLpiqyz_5oM-YqLsm7XXjg3Rk6YrQk4u-H8bAL_FW-4bKEiC33o5GtSebPlqfQSzGmEiNTdxvbGkGJXkwq9xO22IHBvaCoC_9KMU/s1600/Sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBDRfglK5fQeJ5I4CQAa11ORJGC13xTGs1qb6RHYDgLpiqyz_5oM-YqLsm7XXjg3Rk6YrQk4u-H8bAL_FW-4bKEiC33o5GtSebPlqfQSzGmEiNTdxvbGkGJXkwq9xO22IHBvaCoC_9KMU/s72-c/Sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_904.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_904.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy