දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති පොලිස්පතිට බැනවදී
Homeප්‍රවෘත්ති

ජනපති පොලිස්පතිට බැනවදී

PropellerAds

විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ...

මුස්ලිම් ඇමතිලා ඇමතිකම් බාරගන්නවද? නැද්ද? තීන්දුව හෙට?
Ven. Medagoda Dhammananda Thero
සිංහල ආණ්ඩුවක් හදන්න ඕනෑ. බැරිනම් මහණකමෙන් වැඩකුත් නෑ - ඥානසාර හිමි
ජනපති පොලිස්පතිට බැනවදී

විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව දෝෂාරෝපණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෝටි ගණන් වංචාකළ පුද්ගලයින් නිදැල්ලේ සිටියදී පසුගිය මානූෂිය මෙහෙයුමේදී ක්‍රියාකාරීව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙලෙස සැලැකීම නොකළ යුත්තක් බව පවසමින් ජනපතිවරයා එහිදී පොලිස්පතිවරයාට දැඩිව දොස් නගා ඇත.  

පොලිසිය මගින් නිසි පරීක්ෂණයක් නොපවත්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා කනගාටුවන බව ද එහිදී ජනපතිවරයා පොලිස්පතිවරයාට අවධාරණය කර ඇත. 

එම නිලධාරියා සමඟ පුද්ගලික ප්‍රශ්න ඇත්නම් ඒවා පුද්ගලිකව විසඳා ගන්නා ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැඩිව ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශ්‍රාම ගැනීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකයාට අයත් ජීප් රථයක් භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000කට ආසන්න මුදලක් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත ඇප ලබා දීමට නියෝග කළේය.

ඔහුට සෑම මසකම අවසාන ඉරුදින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය. 

සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව ජාතික හෙළ උරුමය ද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති පොලිස්පතිට බැනවදී
ජනපති පොලිස්පතිට බැනවදී
http://ift.tt/2grDrlh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_300.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_300.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy