පා ස්කු ප්‍රහාරය පිටුපස යම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වන්නට ඇතැයි තමන්ට හැඟී යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි...
පාස්කු ප්‍රහාරය පිටුපස යම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වන්නට ඇතැයි තමන්ට හැඟී යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙරේදා (26) සාක්ෂි දෙමින් පැවසීය. පාස්කු ප්‍රහාරය පිටුපස අයිඑස්අයිඑස් සංවිධානය ක්‍රියාත්මක වන්නට ඇද්ද යන්න සහ ප්‍රහාරය පිළිබඳ ඔහු අදහස් කරන්නේ කුමන මතයක්ද යන්න පිළිබඳ කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
කිසියම් සංවිධානයක නායකයා ප්‍රහාරයක් සිදු කරමින් මිය යන්නේ නැති බවත් එම ප්‍රහාරය කිරීමට සහරාන් හෂීම්ව යම් අයකු හසුරුවන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා පිළිතුරු දෙමින් කියා සිටියේය.
සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයන්ට ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් දෙමටගොඩ මහවිල් උද්‍යානයේ බෝම්බයක් පුපුරුවාගෙන මිය ගිය ත්‍රස්තවාදීන් අරමුදල් සපයා ඇති බව විමර්ශන අනාවරණය කර ඇති බවද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
එමෙන්ම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වූ පූර්ව දැනුවත් කිරීම් පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඒ සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා දැනුවත් නොකළේ යැයි තමන් විශ්වාස නොකරන බවත් ඒ මහතා කොමිසම හමුවේ කියා සිටි අතර නිලන්ත ජයවර්ධන මහතා දිනපතා උදේ සවස ජාතික ආරක්ෂාවට, දේශපාලනයට සහ මහජන උද්ඝෝෂණ ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවත් තමන්ගේ පළපුරුද්ද අනුව තමන් දන්නා බවද ඒ මහතා අවධාරණය කළේය.
ශානි අබේසේකර මහතාගෙන් සාක්ෂි ගැනීමත් සමඟ වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනකුගෙන් ජනාධිපති කොමිසම කළ සාක්ෂි විමසීමේ කටයුතු පෙරේදා 26 අවසන් වූ අතර ඊයේ (27) කොමිසම අවසන් වරට සවස රැස් විය. මේ අතර දෙදහස් දහනවය වසරේ අප්‍රේල් 21දා පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු ඊයේ (27) නිල වශයෙන් අවසන් කෙරිණි.
කොමිසමේ කටයුුතු මෙහෙය වූ කණ්ඩායමේ ප්‍රධානී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජනසේන මහත්මිය ඊයේ (27) සමාප්ති සැසියක් පවත්වමින් ඒ බව දැනුම් දුන්නාය.
දින 214ක් කොමිසම රැස්වී ඇති අතර පුද්ගලයන් 457 දෙනකුගෙන් අවස්ථා 640 කදී සාක්ෂි ලබා ගෙන තිබේ. රහස්‍ය ලේඛන 640ක් සහ ලේඛන 1,556ක් ගොනු කර තිබේ.
සුභාෂිණී සේනානායක
සිළුමිණ

COMMENTS