දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Sri Lankan students in Russia
Homeප්‍රවෘත්ති

Sri Lankan students in Russia

PropellerAds

ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළින් පසුගිය සතියේ දී ප්‍රචාරය වූ, රුසියාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ යැයි කියනු ලබන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් රුසි...

කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හරින බොරුවක්.. ඇත්ත මෙන්න
යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය
මගේ මන්ත්‍රීකම නැති වෙන්න මාස තුනක් ගියා…! සජිත්ලට වෙන කෙනෙක් දාන්න ගියේ පැය ගාණයි….! ළඟදිම කළ පව් ගෙවන්න සූදානම් වෙන්න….! – රංජන්ගෙන් සටහනක්
ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළින් පසුගිය සතියේ දී ප්‍රචාරය වූ, රුසියාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ යැයි කියනු ලබන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ හා වෘත්තිකයන්ගේ එකමුතුවේ සභාපති, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍ර‍රකාශයක් කරමින් ඒ පිළිබඳව පැහැදිලි කිරීම් කිහිපයක් සිදුකර ඇත.
රුසියාවේ මේ වන විට, එනම් මෙම ප්‍රකාශය සිදු කරන මොහොත වන විට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 68,622 (හැටඅටදහස් හයසිය විසි දෙකක්) ක් ද , COVID19 හේතුවෙන් මියගිය සංඛ්‍යාව 615(හයසිය පහළොවක්) ක් ද වේ.

මේ දක්වා රුසියානු සමූහාණ්ඩුව විසින් PCR පරීක්ෂණ 2,550,000( දෙමිලියන පන්සිය පනස්දහසක්) සිදුකර තිබේ.
රුසියාවේ ආසාදිත සංඛ්‍යාව වැඩි වීමට ප්‍රධාන හේතුව ලෙස සිදුකර ඇති මෙම අතිමහත් පරීක්ෂණ ප්‍රමාණය දැක්විය හැක. දැනට රුසියාවේ දත්ත අනුව 55% ප්‍රතිශතයකට කොරෝනා රෝගයට අදාළ රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වයි.
රුසියානු බලධාරීන් විසින් පරීක්ෂණ වැඩිකිරීමෙන් හඳුනාගන්නා ලද වෛරස ආසාදිතයන් හා ඔවුන් සම්බන්ධ සියල්ලන් නිරෝධායනය ට ලක් කිරීමට කටයුතු සලසා ඇත.
ඔවුන් කල් වේලා ඇතිව වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමට කටයුතු කිරීම නිසාත්, වහා අවශ්‍ය පියවර ගැනීම නිසාත් COVID19 මරණ සංඛ්‍යාව රුසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව අවම අගයක් ගනී.

ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසන පරිදි, ඔහුට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ජීවත්වන කිසිදු ප්‍රාන්තයක ආහාර හිඟයක් නොමැති අතර, අන්තර්ජාලය හරහා විශේෂ අමතර ගෙවීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වාගැනීමට පහසුකම් සලසා තිබේ.

ඇතැම් විශ්ව විද්‍යාල වල නිරෝධායන කටයුතු නිසා යම් සීමා කිරීමක් සිදුකර ඇත්නම්, එම අවස්ථාවන්හිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට නොමිලේ ආහාර ලබාදීමටද විශ්ව විද්‍යාල කටයුතු සිදු කර ඇත.
එලෙසම රුසියාවේ ඉගෙන ගන්නා යම්කිසි විදේශ ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට රෝගය ආසාදනය වී ඇති බව දැනගතහොත් ඔවුන්ව විශේෂ ගිලන්රථ මගින් රෝහල්ගත කිරීමට ද කටයුතු සලසා ඇත.
රෝහල්වල ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු තම මවු රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බව පෞද්ගලිකව දුරකථනය ඔස්සේ අදාළ පුද්ගලයන් සම්බන්ධ කරගෙන තහවුරු කරගත් බව ඔහු පවසයි.
එම සංගමය ඉහත වීඩියෝව පිළිබඳව දැනගත් පසු දිනපතා තානාපති කාර්යාලය හා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සම්බන්ධ කරගෙන තොරතුරු හුවමාරු කරගෙන තිබේ. එමෙන්ම තානාපති කාර්යාලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවතී.

මෙම අවස්ථාවේ වැඩිහිටියකු හා දරුවන් දෙදෙනකුගේ පියෙකු ලෙස දෙමාපියන්ට කලබල නොවන ලෙසත් ශිෂ්‍යයන් ලවා අනවශ්‍ය හෝ සත්‍ය නොවන වීඩියෝ පට ගෙන්වාගෙන පල නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. එවැනි කටයුතු අද රුසියාවේ ඇති නීතියට පටහැනි බවත්, මාධ්‍ය වාර්තා අනුව එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද කිහිප දෙනෙක් සිරගත කොට හෝ නඩු පවරා ඇත.

එම සංවිධානයේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත බෝගමුව මහතා හා තිස්ස කුලතුංග මහත්වරුන් ගේ නායකත්වයෙන් යුතු විශේෂ වෛද්‍ය කණ්ඩායම විසින් අවශ්‍ය ඕනෑම මොහොතක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අවශ්‍ය උපදෙස් ලබා දීමටත්, තම සංගමය මගින් අවශ්‍ය ඕනෑම උපකාරයක් සිදු කිරීමට සූදානම් බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

(පසු ලිවීම-අද දින Tver නගරයේ ශිෂ්‍යයන් සමඟ සංවාදයක දී දැනගත් කරුණු අනුව ඉහත වීඩියෝ පටය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් කැඳවා තද පූර්ව දැනුම්දීමක් එම විශ්ව විද්‍යාලය විසින් සිදුකර ඇති බවත්, මෙවන් ක්‍රියාවන් නිසා සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි වීමට වුවද හැකි බව ඔහු පෙන්වා දී තිබේ.)

අවසාන වශයෙන් සහෝදර දෙමාපියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සාමකාමීව හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත්, සිසුන්ගේ සියලු කටයුතු තානාපති කාර්යාලය එම විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන සිදු කරගෙන යන බවත්, දෙමාපිය ඉල්ලීම් ශ්‍රී ලාංකික රජයට හෝ එම අවශ්‍ය ආයතන වෙත සාමූහිකව ඉදිරිපත් කර තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට ද ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අමතක නොකළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Sri Lankan students in Russia
Sri Lankan students in Russia
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjB5oYXkHLtv6RnL8lQiI-YBct9-zDlTHcvmloYF3PkFOB-GhbvL19xS8bcLBOBVI4QE0JempA3bRLLTeCEEb6h2oYIeYawzSbkjXdEPMdwqy2UVngq8PpjFTlQvyZQLpyExYM85AeapJG/s320/Uni-Sisun-web.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjB5oYXkHLtv6RnL8lQiI-YBct9-zDlTHcvmloYF3PkFOB-GhbvL19xS8bcLBOBVI4QE0JempA3bRLLTeCEEb6h2oYIeYawzSbkjXdEPMdwqy2UVngq8PpjFTlQvyZQLpyExYM85AeapJG/s72-c/Uni-Sisun-web.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/sri-lankan-students-in-russia.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/sri-lankan-students-in-russia.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy