දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි
Homeප්‍රවෘත්ති

විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි

PropellerAds

තමන්ගේ ජීවිතය දැඩි අනතුරකට පත්ව රජයෙන් අමතර ආරක්ෂාවක් පවා ඉල්ලීමට සිදුවූයේ ඇතම් මාධ්‍යකරුවන් වැරදි හා විකෘති අන්දමට ප්‍රවෘත්ති පළ කිරීම නි...

සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද වැඩ භාර ගනී - නව ජනපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !
විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි

තමන්ගේ ජීවිතය දැඩි අනතුරකට පත්ව රජයෙන් අමතර ආරක්ෂාවක් පවා ඉල්ලීමට සිදුවූයේ ඇතම් මාධ්‍යකරුවන් වැරදි හා විකෘති අන්දමට ප්‍රවෘත්ති පළ කිරීම නිසා බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 06 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් 'දෙමළ ජනතා විමුක්ති පෙරමුණ' නමැති (මෙතෙක් ලියාපදිංචි නොකළ) දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් මහතා විසින් යාපනයේදී ආරම්භ කළ 'කාලෙයි කදිර්' නම් පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා කියාසිටියේ මාධ්‍යකරුවන් සෑමවිටකම ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු සැපයීම තම වගකීම බව පිළිගත යුතු බවයි.

උතුරු පළාතෙන් බුදු දහම සහ බුදු පිළිම ඉවත් කරන ලෙස තමන් නියෝග කළ බවට දකුණේ මාධ්‍ය වාර්තා කිරීම නිසා තමන්ගේ ජීවිතයට අවදානමක් ඇතිවූවා මෙන්ම තමන්ට දකුණේ සිටි ඉතා වැදගත් මිතුරන් විශාල පිරිසක් අහිමි වීමටත් මෙම වැරදි මාධ්‍යකරණය හේතුවූ බවත් මාධ්‍යකරුවන් මුදලටත් ජනප්‍රියභාවයටත් වහල් වී සෙසු අයගේ ජීවිත වනසා දැමීම සදාචාරාත්මක නොවන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම මාධ්‍යකරුවන් ඉතාම සමබර වියයුතු බවත් නිරන්තරයෙන්ම දැනුම වර්ධනය කරගත යුතු පිරිසක් මිස සියල්ල දත් පිරිසක් ලෙස සිතා කටයුතු කිරීම මුළු රටටම මෙන්ම මාධ්‍යකරුවාට ද විනාශයක් ගෙන දෙන තත්ත්වයක් බවත් අවධාරණය කරගත යුතු බව කී ප්‍රධාන අමාත්‍යවරයා විශේෂයෙන්ම උතුරේ මාධ්‍යවේදීන්ට ඉතාම කල්පනාකාරීව මාධ්‍ය වාර්තාකරණයේ නිරතවන මෙන් තමන් ඉල්ලා සිටින බවද කියාසිටියේය.

උතුරේ මාධ්‍යවේදීන් පළ කරන ප්‍රවෘත්තීන් දකුණේ මාධ්‍ය විසින් දේශපාලන වුවමනාවන්ට හා ආගමික අවශ්‍යයතාවයන්ටත් ජාතිවාදය වෙනුවෙනුත් විකෘති කිරීම්වලට ලක් කරන බැවින් උතුරේ මාධ්‍යකරුවන් ඉතා නිරවුල්ව හා පැහැදිලිව මාධ්‍යකරණයේ නිරතවිය යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

වන්නි -  රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි
විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි
http://ift.tt/2ftVidR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_178.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_178.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy