මැ තිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පිළිබඳ පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම පරීක්ෂණය යාපනය සහකාර පොලිස් අධ...
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පිළිබඳ පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණය යාපනය සහකාර පොලිස් අධිකාරී වරයෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වෙයි.
රත්නජීවන් හූල් මහතා මේ දිනවල පනවා ඇති නිරෝධායන නීතිය සහ රටේ නීතීන් උල්ලංඝනය කර ඇත්දැයි මෙම විමර්ශනය සිදු කරමින් පවතී.
ඔහුගේ දියණිය එංගලන්තයේ සිට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පසු තවත් දින 14ක් නිවසේ නිරෝධායන යුතුව තිබියදී එය නොතකා කටයුතු කිරීම හේතුවෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඔහුගේ දියණිය එම නිරෝධායන කාලය තුළදී මැතිවරණ කොමිසන් සභාවට පැමිණීම හේතුවෙන් එම කාර්යාලයේ රියදුරකු සහ තවත් නිලධාරියකු නිරෝධායන ලක් කිරීමට ද පියවර ගෙන ඇත.
එමෙන්ම රත්නජීවත් හුල් විසින් සහකාර මැතිවරණ කොමසාරිස් වරයාගේ නිල රථයක් අවභාවිතා කරමින් යාපනය සිට තම පුත්‍රයා ගෙන ඒමට කටයුතු කර ඇති බවත් ඒ සදහා ඇඳිරි නීති බල පත්‍රයක් පවා ලබා ගෙන නැති බවත් හෙලිව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය සිදු වෙමින් ඇත.

COMMENTS