දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දුෂ්කර දීමනාව රුපියල් 7500ක් දක්වා වැඩිකරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනාය...
දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දුෂ්කර දීමනාව රුපියල් 7500ක් දක්වා වැඩිකරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කරයි.
ඌව පළාත් සභාවේ 2017 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා දුෂ්කර දීමනාව ලෙස මේ වන විට රුපියල් 1750ක මුදලක් ගෙවනු ලබයි.
මේ අතර පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පළාත්සභා මන්ත්‍රීවරුන්ට ලබා දෙන මුදල ද රුපියල් ලක්ෂ 25 සිට ලක්ෂ 50ක් දක්වා වැඩි කිරීමට ප්‍රධාන අමාත්‍යවරයා යෝජනා කර තිබේ.
පළාත් අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අද (28) සිට දෙසැම්බර් මස 01 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මස 01 වනදා සිදු කිරීමට නියමිතය.
COMMENTS