මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය ලේඛනයෙන් ලබන වසරේ (2017) සමස්‌ත අය වැය හිඟය රු. කෝටි 62,50...
මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය ලේඛනයෙන් ලබන වසරේ (2017) සමස්‌ත අය වැය හිඟය රු. කෝටි 62,500 කට සීමාකර ගැනීමට රජය සැලසුම්කර තිබේ.
මේ අනුව මේ වසරට සාපේක්‌ෂව ලබන වසරේ අය වැය හිඟය රු. කෝටි 4500 කින් අඩුකර ගැනීමට රජය ඉලක්‌ක කර තිබෙන අතර ගිය වසර සඳහා ඇස්‌තමේන්තු කළ අය වැය හිඟය රු. කෝටි 67,000 කි.
එම රු. කෝටි 62500 ක සමස්‌ත අය වැය හිඟය රු. කෝටි 27,200 ක විදේශ ණය ගැනීම් සහ රු. කෝටි 35,300 ක දේශීය ණය ගැනීම් මගින් පියවා ගැනීමට අපේක්‌ෂිතය.
අය වැය හිඟය පියවා ගන්නා අයුරු
සමස්‌ත අය වැය හිඟය රු. කෝටි 62,500
මුළු විදේශීය ණය ගැනීම් රු. කෝටි 27,200
මුළු දේශීය ණය ගැනීම් රු. කෝටි 35,300
මුළු ණය ගැනීම් රු. කෝටි 62,500
COMMENTS