මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, 'මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නෙ 2015 ජනවාරි 09 වැනිදා. ඒ වෙනකොට 1...
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නෙ 2015 ජනවාරි 09 වැනිදා. ඒ වෙනකොට 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන තිබුනෙ නෑ, ඒ කියන්නෙ වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දුන්නෙ අවුරුදු හයක කාලයක් සඳහා. ජනාධිපතිවරණයෙදි අපි රටට පොරාන්දු වෙච්ච විදියටම 19 වැනි සංශෝධනය හරහා ජනාධිපති ධූර කාලය වසර පහකට සීමා කළා. ඒක කළේ වත්මන් ජනාධිපතිවරයාගේ පූර්ණ එකඟතාවය මත.'
'දැන් මතුවෙලා තියන අර්බුදය තමයි පැවති ව්‍යවස්ථාව යටතේ දිවුරුම් දුන්න ජනාධිපතිතුමාගෙ ධූර කාලය වසර පහක් ද වසර හයක් ද කියන එක. මේක ජනාධිපතිවරයටවත් ආණ්ඩුවෙ ඇමතිවරු වන අපිටවත් තීරණය කරන්න බෑ. එ් විතරක් නෙවෙයි නීති විශාරදයන්ටත් බෑ. මේ ගැන හරියටම අර්ථ නිරූපණය කරන්න පුලුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. මොකද මේක ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක්. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම යහපාලන ආණ්ඩුවටවත් අගමැතිවරයාටවත් එක්සත් ජාතික පක්ෂයටවත් ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ආණ්ඩුව කටයුතු කරාවි.'
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් අප ඇමතිවරයාගෙන් විමසූ අතර ඒ සම්බන්ධයෙන් සේනාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය.
'ආණ්ඩුව ඇතුළෙවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරවත් ඔය කියන විදියෙ කිසි ප්‍රශ්නයක් නෑ. මේක මේ ඒකාබද්ධ විපක්ෂය බලයට කෑදරකමට මවාපාන අර්බුද. ජනාධිපතිවරයා මෙතනට ආවෙ බලයට කෑදරකමකට නෙවෙයි. අනිත් එක තමයි ජනාධිපතිවරයා අද මෙතන ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය නිසා.'
'ජනාධිපතිවරයා කවදාවත් තමන් නැගපු ඉනිමගට පයින් ගහන්නෙ නෑ. ඒක අපිට විස්වාසයි. අපිට විතරක් නෙවෙයි අගමැතිවරයාටත් ජනාධිපතිතුමාව විශ්වාසයි. සිරිසේන මහත්තයා කවදාවත් අගමැතිවරයා හෝ එක්සත් ජාතික පක්ෂය පාවලා දෙන්නෙත් නෑ, තරහා කරගන්නෙත් නෑ.'
පක්ෂ කිහිපයක් එක්ව ආණඩු කිරීමේදී විවිධ දුර්වලතා ඇතිවන බවත් ඒකාබද්ධ විපක්ෂය එම දුර්වලතා විශාල අර්බුද ලෙස රටට පෙන්වීමට උත්සාහ දරන බවත් රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි. එහෙත් එවැනි අර්බුද නිර්මාණය කර නැවත බලයට ඒම සඳහා ඔවුන්ට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ සඳහා මේ රටේ ජීවත් වන බහුතරයක් ජනතාව ඉඩ නොතබන බවට තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
COMMENTS