දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු මැද මහ ඇමති ලක්ෂ 420ක සුපිරි රියක් ගෙන්වයි
Homeප්‍රවෘත්ති

උතුරු මැද මහ ඇමති ලක්ෂ 420ක සුපිරි රියක් ගෙන්වයි

PropellerAds

ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලි...

"මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරගැනිමට කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ" - සී. බී. රත්නායක
සීගිරිය නැරඹීම සඳහා කේබල් කාර්
උතුරට මත්ද්‍රව්‍ය ගෙන එන අය ගැන විජයකලා කට අරී
උතුරු මැද මහ ඇමති ලක්ෂ 420ක සුපිරි රියක් ගෙන්වයි

ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන 42ක්) වියදමින් වී - එයිට් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක් ඇණවුම්කර තිබෙන බව උතුරුමැද පළාත් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

උතුරුමැද පළාත් සභාවේ නිල කාලසීමාව අවසන් අදියරේ තිබියදී මෙතරම් විශාල මුදලක් වැයකර ජපානයේ නිෂ්පාදිත අධිසුඛෝපභෝගී ජීප් රථයක් මෙරටට ආනයනය කිරීමට පළාත් සභාවේ ඉහළ රජ්‍ය නිලධාරියෙකු පසුගියදා අනුමැතිය ලබාදෙමින් ඊට අත්සන් යොදා තිබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

මීට මාසයකට පමණ ඉහතදී එම අධිසුඛෝපභෝගී ජීප් රථය ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඇණවුම් කර ඇති අතර තවත් සති තුනක පමණ කාලයකදී එය මෙරටට ගෙනඒමට නියමිතය.

මේ පිළිබඳව උතුරුමැද  ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ අදහස් පළකළේය.

“මම දැනට භාවිතා කරන වාහනය 2008 වසරේදී එවකට මහ ඇමති බර්ටි ප්‍රේමලාල් මහතා ගෙන්වා භාවිතා කොට අනතුරුව පත්වූ රංජිත් සමරකෝන් මහ ඇමතිවරයාත් භාවිතා කළ වාහනයක්. එය එක් වතාවක්  අනතුරටත් පත්ව තිබෙනවා. එය මේ වෙද්දී කිලෝමීටර් 550,000ක් ධාවනය කොට තිබෙනවා.

“අලුතෙන් ගෙන්වන රථයට පළාත් සභාවේ කිසිදු මුදලක් වැය කළේ නැහැ. ඒ සඳහා මුදල් ලබාදුන්නේ මහා භාණ්ඩාගාරයයි. මේ වාහනයේ සාමාන්‍ය වටිනාකම ලක්ෂ 70ක් පමණ වනවා. ලක්ෂ 350ක් රජයේ බදු ලෙස අයවූ පසුවයි එහි වටිනාකම ලක්ෂ 420ක් බවට පත්ව තිබෙන්නේ" 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු මැද මහ ඇමති ලක්ෂ 420ක සුපිරි රියක් ගෙන්වයි
උතුරු මැද මහ ඇමති ලක්ෂ 420ක සුපිරි රියක් ගෙන්වයි
http://ift.tt/2feu1ws
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/420.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/420.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy