මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා රහසිගතව චීන සමාගමක් සමඟ එක්ව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට කේබල් කාර් යෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර...
මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා රහසිගතව චීන සමාගමක් සමඟ එක්ව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට කේබල් කාර් යෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන සිද්ධියක සුලමුල හෙළි කරගැනීමට අපට හැකිවිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සිට පහළම කම්කරුවා දක්වා මෙම ව්‍යාපෘතිය ඉතා රහසිගතව දින තුනක තිස්සේ සීගිරිය ප්‍රදේශයේ අධ්‍යන කටයුතු කරන තොරතුරු වාර්තා විය. පසුව එම තොරතුරු ඔස්සේ 03 දින පස්වරුවේ සිගිරි ව්‍යාපෘති කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසුව චීන සමාගමේ නියෝජිතයින් සමඟ එක්ව මෙම කේබල් කාර් යෙදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව අනාවරණය කර ගැනීමට අපට හැකියාව ලැබිණි.
අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ සිට පහළම කම්කරුවා දක්වා ම මෙම සිද්ධිය මාධ්‍යයෙන් සැඟවීමට දැරූ උත්සාහයන් ද වීඩියෝගත කර ගැනීමට අපට හැකියාව ලැබිණි.
කේබල් කාර් තොරතුර මත දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතා 03 දින පස්වරුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර වරයා මුණගැසීමට එහි ගොස් ප්‍රශ්න කිරීමේ දී ඒ වනවිටත් ඔහු ස්ථානය නොසිටියේ ය. පසුව ඔහුව ජංගම දුරකථනයෙන් සම්බන්ධ කරගෙන විමසීමේ දී කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීන්ගෙන් තමන්ට ලැබුණු අවසරය මත චීන සමාගමකට මෙම ස්ථානය මැනුම් කටයුතු කිරීම සඳහා සහ අධ්‍යනය කිරීම සඳහා අවසර ලබාදුන් බවය. එමෙන්ම ඒ සඳහා තම කාර්යාලයේ නිලධාරීන් යෙදවූ බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මෙය අධ්‍යයනයක් පමණක් බවය. පසුව එම ස්ථානයේ වැඩ බලන ව්‍යාපෘති කළමනාකාර වරයා සහ අනෙකුත් සේවක සේවිකාවන් අප පැමිණි සිටි ස්ථානයට පැමිණ මෙම සිද්ධිය වසන් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවන අයුරු ඉතා රහසිගතව කැමරා ගත කර ගැනීමට අපට හැකියාව ලැබිණි. එහි වැඩබලන ව්‍යාපෘති නිලධාරියා බව කියූ අය කියා සිටියේ පුරාවිද්‍යා අංශයේ නිලධාරින් හා කාන්තා නිලධාරීන් තිදෙනෙකු මේ වන විටත් චීන ජාතිකයන් සමඟ එම ගවේෂණය නිරතව සිටින බවය.
පසුව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් තොරතුරු අනාවරණය වූයේ සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ ඉහළ නිලධාරිනියන් සහ පහළ නිලධාරීන් සමඟ චීන ජාතිකයන් හබරන දඹුල්ල ප්‍රධාන මාර්ගයේදී දීගම්පතහ ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන එහි මත්පැන් සාදයක් පවත්වන බවය. එමෙන්ම තවත් නිලධාරීනියන් දෙදෙනෙකු චීන ජාතිකයන් පැමිණි වාහනයකින් නැවතත් කාර්යාලයට පැමිණෙන බව ද තොරතුරු අනාවරණය විය. පසුව එම ස්ථානයේ රැඳී සිටි අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ ඒ චීන ජාතිකයන් පැමිණි වාහනයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල නිළධාරීනියන් දෙදෙනෙකු ගෙනත් බස් වන ආකාරය. එම නිලධාරිනියන් ගෙන් විමසීමේ දී කියා සිටියේ තමන් එවැනි ගමනක් නොගිය බවත් සීගිරිය ආසන්නයේ සිට එම වාහනයෙන් පැමිණි බවය .කෙසේවෙතත් එම කාන්තාවන් දෙදෙනා සංචාරක හෝටලයේ සිට පැමිණි බවට අවශ්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට අපට හැකියාව ලැබිණි.
පසුව අප රහසිගත කැමරා ආම්පන්න ද රැගෙන හබරණ ප්‍රධාන මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයට ගමන් කිරීමේදී මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා ඉහළ නිලධාරිනිය සහ තවත් පුරාවිද්‍යා භාර නිලධාරීන් කිහිපදෙනෙකු සාදය අවසන් කොට චීන ජාතිකයන්ගේ වාහනයට නඟින ආකාරය පටිගත කර ගැනීමට හැකියාව ලැබිණි.
කෙසේවෙතත් ඔවුන් තමන් පැමිණි කාරනය වසං කිරීමට දැඩි උත්සාහයක නිරතවන අතර පුරාවිද්‍යා නිලධාරිනිය වාහනයේ නොමැති බව පැවසුවද පසුව අප ප්‍රශ්න කිරීමත් සමග වාහනය තුල සැගවී සිට නිලධාරිනිය කියා සිටියේ ඉහළින් ලැබුණු තොරතුරක් මත මෙය ක්‍රියාත්මක කළ බවය. කෙසේ වෙතත් චීන ජාතිකයන් සමඟ පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකළ බවද ඇය වැඩිදුරටත් කීවාය. එමෙන්ම එහි සිටි අනෙකුත් පුරාවිද්‍යා නිලධාරීන් තමන් පැමිණි කාරනය වසන් කිරීමට දැඩි උත්සාහයක නිරතවන අයුරු දැක දැකගැනීමට හැකියාව ලැබිණි,
එම සියලු දෙනාම සිද්ධිය වසන් කිරීම නිසා එම ස්ථානයේ සිට ම අප මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිෂාන්ත ගුනවර්දන මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන කරුණු විමසීමේදී ඔහු එකවරම කියා සිටියේ කේබල් කාර් යෙදීම සඳහා සාකච්ඡාවක් පැවැති බවත් එය අධ්‍යයනයකින් පසුව සිදුකරන බවද සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට සාකච්ඡා වට දෙකක් පැවැත්වූ බවත් හෙතෙම සඳහන් කළේය. පසුව මෙය පටිගත කරනවා දැයි හෙතෙම අපෙන් විමසීමක් කිරිමේ දී පටිගත කරන බව දැන්වීමත් පසු නැවත ඔහු වෙනත් කතාවක් කියන්නට වූයේය . ඔහු සඳහන් කර සිටියේ තමන් චීන ජාතිකයන් මෙම ස්ථානයට පැමිණි බව නොදන්නා බවය. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ඉඩ නොදෙන බවද හෙතෙම පැවසීම විශේෂත්වයකි. කෙසේ වෙතත් පටිගත කෙරෙන බව දැනගැනීමෙන් පසුව සහ පෙර කියූ ප්‍රකාශ දෙකම පරස්පර බව වැටහිණි.
චීන ජාතිකයන් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු බව ද ඔහු සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය, කෙසේ වෙතත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ගිය ද හෙතෙම කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා යන අයුරු අපට පටිගත කර ගැනීමට හැකියාව ලැබිණි. එය අවස්ථා වන විටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ජංගම දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සිටීම ද තවත් විශේෂ කරුණකි.
පසුව මේ පිළිබඳව සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් විමසීමට ගිය අවස්ථාවේ දී එහි ද කිසිදු නිලධාරියෙකු නොසිටියේ ය. කරුවන් පමණක් සිටි නිසා අප ජංගම දුරකථනයේ නිලධාරියෙකු සම්බන්ධ කරගෙන කරුණු විමසීමේ දී කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ඉහළ නිලධාරීන් විශේෂ සංචාරක ව්‍යාපෘතියක් බව පවසමින් කණ්ඩායමක් එවා තිබුණු බවය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සැඟවීම නිසා ම උපක්‍රමශීලීව අප ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතාගේ ජංගම දුරකථනයෙන් සීගිරි ව්‍යාපෘති කළමනාකාරවරයාට ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව කරුණු විමසන්නට වූයේය . එහිදියි ්‍යාපෘති කළමනාකාර වරයා කියා සිටියේ චීනයේ sangrilla නැමති ආයතනයකට මෙහි කේබල් කාර් යෙදීම සඳහා අවශ්‍ය මැනුම් කටයුතු සහ මුලික අධ්‍යනය සඳහා අවශ්‍ය පියවර ලබාදී තිබුණු බවය එහිදී විශේෂයෙන්ම සියල්ලටම සඟවා මෙය සිදු කරන්නේ කෙසේද යන්න හෙතෙම හෙළි නොකළේය.
පසුව සංචාරක හෝටලයක චීන ජාතිකයන් සමඟ මත්පැන් සාදයේ සිටි මධ්‍යම සංස්කෘතික අරමුදල පහල නිලධාරියෙකු අහම්බෙන් අපට සීගිරිය ප්‍රදේශයේ දී හමුවිය. සේවකයාගෙන් කරුණු විමසීමේ දී කියා සිටියේ තමන් එම සංචාරක හෝටලයට ගියේ වතුර රැගෙන යෑම සඳහා බවය. කෙසේ වෙතත් එම අවස්ථාවනවිටත් ඔහු මත්පැන් පානය කොට අප කැමරාව ඉදිරියේ ද දුම්වැටියක් දල්වා ගෙන කතා කිරීම විශේෂත්වයකි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතිය පිළිබඳව කතා කරන සේවකයන් ඉතා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ ද දුම්වැටි දල්වා ප්‍රකාශ ලබා දීම මවිතයට කරුණක් බව පෙන්වා දිය යුතුව තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල ඉහළ නිලධාරීන් සිට පහළ නිලධාරීන් දක්වාම සීගිරිය චීනයට ලබා දී කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා රහසිගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ජනතාව දැඩි අවධානයෙන් බලා සිටිති.ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා කිවේ මෙය ක්‍රියාත්මක කළහොත් තමන් සිගිරි ගලෙන් පැන සියදිවි තොරකර ගන්නා බවය .
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS