දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහන 28කට කෝටි 79ක පරිපූරක ඇස්‌තමේන්තුවක් - අලුත් වාහන හිමිවන මැති ඇමතිවරු මෙන්න‌ 
Homeප්‍රවෘත්ති

වාහන 28කට කෝටි 79ක පරිපූරක ඇස්‌තමේන්තුවක් - අලුත් වාහන හිමිවන මැති ඇමතිවරු මෙන්න‌ 

PropellerAds

ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් විසිහත්දෙනකුට හා විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතාට වාහන 28ක්‌ මිලදී ගැනීම සඳහා මුදල් ඉල...

දේශපාලන ලැයිස්තුවලට ගුරු විදුහල්පතිවරු එරෙහි වෙති
නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි
ජනපතිට අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම් - මාස 18ක් කල් දෙමින් ඇමැති රිෂාඩ් ආණ්ඩුවට අනතුරු අගවයි
වාහන 28කට කෝටි 79ක පරිපූරක ඇස්‌තමේන්තුවක් - අලුත් වාහන හිමිවන මැති ඇමතිවරු මෙන්න‌ 

ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් විසිහත්දෙනකුට හා විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතාට වාහන 28ක්‌ මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා පෙරේදා (26) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරන ලදී.

මෙම පරිපූරක ඇස්‌තමේන්තුව මීට පෙර ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එවක සාලාව හමුදා කඳවුරේ ඇති වූ පිපිරීමෙන් සිදු වූ හානිය හමුවේ ඇමැතිවරුන්ගේ වාහන සඳහා මුදල් වැය කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්හිටුවන ලදී.

ඉන්පසු මෙම පරිපූරක ඇස්‌තමේන්තුව යළි පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම වාහන විසි අට මිලදී ගැනීමට රුපියල් හැත්තෑනව කෝටි පහළොස්‌ ලක්‍ෂයක්‌ අනුමත කරන ලෙසට ඉල්ලා යෝජනා විසිදෙකක්‌ ඇතුළත් 2016.06.24 දිනැති පරිපූරක ඇස්‌තමේන්තුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

අංක සීඑස්‌ ඒ 16 හා 2016.05.18 දිනැති ජනාධිපති ලේකම් කාර්යාලයීය චක්‍රලේඛය අනුව මෙම ප්‍රතිපාදන ඉල්ලා ඇත.

ඒ අනුව මහ නගර සභා හා බස්‌නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකකට රුපියල් එක්‌කෝටි හතලිස්‌ ලක්‍ෂයක්‌, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) රුපියල් ලක්‍ෂ හැත්තෑවක්‌, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) රුපියල් ලක්‍ෂ හැත්තෑවක්‌, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) රුපියල් ලක්‍ෂ හැත්තෑවක්‌ සහ මුදල් අමාත්‍යාංශ රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ ඉල්ලා ඇත.

විදේශ රැකියා ඇමැතිට (මුදලින් කොටසක්‌) රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, තැපැල්, තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) හැත්තෑ පන්ලක්‍ෂයක්‌, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌, විපක්‍ෂ නායකවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමැතිවරයාට තවත් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ ඉල්ලා ඇත.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, වරාය හා නාවික කටයුතු ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ මිලට ගැනීම සඳහා රුපියල් කෝටි හතක්‌, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, කාන්තා හා ළමා කටයුතු ඇමැතිවරියට සහ නියෝජ්‍ය ඇමැතිවරියට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ මෙන්ම විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැතිවරයාට සහ රාජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌ මෙම පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා තිබේ.

මෙසේ අලුත් වාහන ඉල්ලූ අය අතර ඇමැතිවරුන් හත්දෙනකු ද නියෝජ්‍ය ඇමැතිවරුන් දොළොස්‌දෙනකු, රාජ්‍ය ඇමැතිවරු අටදෙනෙක්‌ සහ විපක්‍ෂ නායකවරයා ද සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහන 28කට කෝටි 79ක පරිපූරක ඇස්‌තමේන්තුවක් - අලුත් වාහන හිමිවන මැති ඇමතිවරු මෙන්න‌ 
වාහන 28කට කෝටි 79ක පරිපූරක ඇස්‌තමේන්තුවක් - අලුත් වාහන හිමිවන මැති ඇමතිවරු මෙන්න‌ 
http://ift.tt/2gx8hYO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/28-79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/28-79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy