2016 වසර අවසන් වීමට පෙර උතුරේ නැවත පදිංචි වැසියන් සිටින ප්‍රදේශවල මෙන්ම රටේ සියලුම පලාත්වල විදුලි අවශ්‍යතාවය 100% ක් සපුරාලන බව විදුලිබල හ...
2016 වසර අවසන් වීමට පෙර උතුරේ නැවත පදිංචි වැසියන් සිටින ප්‍රදේශවල මෙන්ම රටේ සියලුම පලාත්වල විදුලි අවශ්‍යතාවය 100% ක් සපුරාලන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) 'රටම එලියයි - අඳුර දුරලයි' ජාතික විදුලි සත්කාර වැඩසටහන යටතේ වව්නියාවේදී පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා වව්නියාව දෙමළ මහා විද්‍යාලයේදී නොවිසුඳුනු විදුලි ගැටලු විසඳන 'ජාතික විදුලි ජංගම සේවයක්' පිහිටුවා ජනතාවට විසඳුම් ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ අතර ඉන්පසු වව්නියාව සිඳම්බර නගර්හි නැවත පදිංචි වූ වැසියන්ගේ නිවාසයන්ට විදුලිය ලබාදීම හා වව්නියාව පම්පමඩු අබාධිතවූවන් වෙනුවෙන් විදුලිය ලබා දීමේ අවස්ථාවටත් සහභාගී විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ,"මීට පෙර රටේ ජනතාවගේ විදුලි අවශ්‍යතාවයෙන් 98%ක් ලබා දීමට හැකි වුනද මේ වසරේ දෙසැම්බර් 31 වන විට උතුරේ සියලුම ප්‍රදේශවලට මෙන්ම රටේ විදුලි අවශ්‍යතාවයන් 100% ක්ම ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ සමගම දකුණු ආසියාවේ 100%ක් විදුලි අවශ්‍යතා ලබා දුන් එකම රට ලංකාව වෙනවා. ජාති, ආගම්, කුල භේද වලින් තොරව රට සංවර්ධනය කරා යා යුතුයි. අපිට තියෙන එකම අවශ්‍යතාවය ශ්‍රී ලාංකිකයින් හැටියට නැගී සිටීමයි. සමහර අන්තවාදී කොටස් මේ වන විට ජාති අතර අසමගිය ඇති කිරීමට උත්සහ දරනවා. ඊට එරෙහිව අද ජනතාව නැගී සිටිනවා. ඒ වගේම මාධ්‍ය තුලිනුත් ප්‍රචාරය ලැබීම යහපත් ප්‍රතිචාර ලැබෙනවා. එමගින් උතුරේ දකුණේත් වගේම සෑම පලාතකම අන්තවාදීන් පරාජය කිරීමට අවස්ථාව උදා වෙනවා"බවයි.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශ ලේකම් ඩී.එම්.එස්. බටගොඩ මහතා, විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීනි යමුනා සමරසිංහ මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS