ගාල්ලේ නෙළුව සිට ලංකාගම දක්වා වන කිලෝමීටර් 18 ක දිගකින් යුත් ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කර කර දෙන ලෙස ගම්වාසීන් කරන ලද ඉල්ලීම අනුව එම මාර්ගය ...
අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්.ඩබ්. ප්‍රේමසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මාර්ගය ඉදිකිරීමේදී පරිසරයට හානි වන පරිදි කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව පරිසර සංවේදී සංවේදී කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1 කොටසක කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බව ද ඉදිරියේ දී ද එවැන්නක් සිදු නොකරන බවද ඔහු සඳහන් කරයි.
මාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලංකාගම මාර්ග ව්‍යාපෘතිය ගැන පැහැදිලි කිරීමක් කරමින් ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
කෙසේ වෙතත් එම මාර්ගය සංවර්ධන කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට අත්හිටුවා ඇත.
COMMENTS