රක්ෂිත බන්ධනාගාරගතව සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඊයේ (276) පළාත්...
රක්ෂිත බන්ධනාගාරගතව සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඊයේ (276) පළාත් සභා සැසිවාරයට සහභාගි වීමෙන් අනතුරුව උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
ඒ, පළාත් සභා සැසිවාරයෙන් පසු හිටපු ප්‍රධාන අමාත්‍යවරයා නැවත කැඳවාගෙන යාමට පැමිණි පොලිස් නිලධාරියාට ඔහු පහරදීමට උත්සාහ කිරීමත් සමගයි.
ඊයේ පැවති නැගෙනහිර පළාත් සභා සැසිවාරයට පොලිස් ආරක්ෂාව යටතේ සහභාගී වූ චන්ද්‍රකාන්තන් මහතාව සැසිවාරය අවසන් වීමෙන් පසු පොලිස් නිලධාරියෙකු විසින් යළි රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ මෙම සිදුවීම වී ඇත.
එහිදී අදාළ පොලිස් නිළධාරියා ප්‍රකාශ කළේ චන්ද්‍රකාන්තන් මහතාට නීතියෙන් අවසර ලැබී ඇත්තේ පළාත් සභා සැසිවාරවලට පමණක් බවත් මෙදින සැසිවාරය අවසන්වී ඔහුව යළි බන්ධනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කළ අවස්ථාවේ ඔහු තමාට බැන වැදී පහරදීමට උත්සහා දරූ බවත්ය.
මේ අතර චන්ද්‍රකාන්තන් මහතා බන්ධනාගාර බස් රථය වෙත යන අතරතුර මාධ්‍යවේදියෙකු වෙත අදහස් දක්වමින් කියාසිටියේ, "මම කතා කරමින් හිටියා. පොලීසියේ කෙනෙක් ඇවිත් බුලත්විට කන ගමන් කිසිම ගරුත්වයක් නැතිව මට කතා කළා. බුලත් විට කන ගමන් කතා කරන්න නීතියට අනුව බෑ. එයාට බැහැ නීතිය උගන්වන්න. මේකත් මාධ්‍යයේ දාන්න" ලෙසයි.
වීඩියෝව පහතින්.
COMMENTS