පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථා...
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
බැංකු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සභාපති තකෙහිකෝ නාකාඕ (Takehiko Nakao) මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අසියානු සංවර්ධන බැංකු මූලස්ථානය ස්ථාපිත කළ අවධියේ සිට එහි සුවිශේෂී අවස්ථාවන් සිහිපත් කරමින් ප්‍රදර්ශනය කර ඇති ඡායාරූප එකතුව නැරඹීමට ද ජනාධිපතිවරයා එක් වී තිබේ.
අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ (Takehiko Nakao) මහතා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට අදාළ ගිවිසුම්වලට ද එහි දී ජනාධිපතිවරයා සහ සභාපතිවරයා අතර අත්සන් තිබේ.
COMMENTS