මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කළ කැනීම්වලදී මේ වන විට සිරුරු 300 ක් හමු වී ඇති බව කැනීම් භාර නිලධාරී විශේෂඥ අධි...
මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කළ කැනීම්වලදී මේ වන විට සිරුරු 300 ක් හමු වී ඇති බව කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය ජනවාරී 11 වැනිදා සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු තාවකාලිකව නැවත්වීමෙන් පසුව 130 වන දිනට ඊයේ (16) දින සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු යළි අරඹා තිබේ.
මේ අනුව හමු වූ සිරුරු 300 න් සිරුරු 294 ක් වෙන් කර මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කර ඇති අතර, එසේ හමුවූ සිරුරු වලින් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 23 ක් වෙන් කර ඇති බවටද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිණීවල පිහිටා ඇති අතර එහිදී දෙවන වතාටත් සමූහ මිනීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු අරඹා ඇත.
COMMENTS