ශ්‍රී ලංකාව තුළ නීති සේවා සැපයීම සඳහා චීන සමාගමක් ලියාපදිංචි කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ගෙන ඇති තීරණයෙන් සිය මූලික අයිතීන් කඩවන බව චෝ...
ශ්‍රී ලංකාව තුළ නීති සේවා සැපයීම සඳහා චීන සමාගමක් ලියාපදිංචි කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ගෙන ඇති තීරණයෙන් සිය මූලික අයිතීන් කඩවන බව චෝදනා කරමින් නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥ එන්. විජේසුන්දර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ මේ ආකාරයෙන් නීති සේවා සැපයීම සඳහා සීමිත සමාගමක් ලියාපදිංචි කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ගත් තීරණය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය වන බවයි.
මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ සමාගමේ ලියාපදිංචිය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් අයැද සිටී.
COMMENTS