දකුණු ආසියාවේ පළමු හා එකම හරිත සරසවිය වන අතිනවීන අංගසම්පුර්ණ පහසුකම්වලින් සමන්විත හෝමාගම, පිටිපන ඉදිකෙරුනු එන්.එස්.බී.එම් හරිත සරසවිය ජනාධ...
දකුණු ආසියාවේ පළමු හා එකම හරිත සරසවිය වන අතිනවීන අංගසම්පුර්ණ පහසුකම්වලින් සමන්විත හෝමාගම, පිටිපන ඉදිකෙරුනු එන්.එස්.බී.එම් හරිත සරසවිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පෙරවරුවේ විවෘත කෙරේ.
ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති මහින්ද සමරසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට එක් වෙති. සිසුන් තිස් දහසකට එකවර අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි හෝමාගම පිටිපන අක්කර 26 ක භුමිභාගයක් පුරා හරිත විශ්ව විද්‍යාල නගරයක් ලෙස එය ඉදිකර තිබේ.
මෙරට පමණක් නොව සමස්ත දකුණු ආසියානු කලාපයේම එම ආකාරයේ ප්‍රථම හා එකම විශ්ව විද්‍යාලය එය බව එහි උපකුලපති ආචාර්ය ඊ ඒ වීරසිංහ මහතා පවසයි.
2012 දී ඉදිකිරීම් ආරම්භ කෙරුනු එම විශ්ව විද්‍යාලය සදහා වැය කෙරුනු මුදල රුපියල් කෝටි දහස ඉක්මවයි. නවීනතම දේශන ශාලා, පරිගණක විද්‍යාගාර, ශාරිරික අභ්‍යාස මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ක්‍රීඩාපිටි, පිහිනුම් තටාක, ශිෂ්‍ය කේන්ද්‍ර මධ්‍යස්ථානයක්, අංගසම්පුර්ණ රගහලක් හා ශ්‍රවනාගාරයක්, එලිමහන් රංග පීඨයක් ඇතුඵ විශ්ව විද්‍යාලයක් සතු විය යුතු සියලු අංගයන්ගෙන් එන්.එස්.බී.එම් හරිත සරසවිය සමන්විත වෙයි.
විශ්ව විද්‍යාල නගර සංකල්පය දකුණු ආසියාවට හදුන්වා දෙමින් සුපිරි වෙළෙද සංකීර්ණ, සිසුන්ට හා ආචාර්යවරුන් සදහා නිවාස සංකීර්ණයක් හා බැංකු සංකීර්ණයකින් ද එය සමන්විත වීම විශේෂත්වයකි. අතිනවීන පොත්පත් හා සෙසු ඩිජිටල් පහසුකම් සහිත එහි දැවැන්ත පුස්තකාලය, ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන නවමු පහසුකම්වලින් යුක්ත වන අතර එය මෙරට පුස්තකාල ක්‍ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක් කරනු ඇත.
ආරම්භයේ දී කළමනාකරණ, පරිගණක හා ඉංජිනේරු ලෙස පීඨ 3 කින් හරිත විශ්ව විද්‍යාලය සමන්විත වන බව උපකුලපතිවරයා පවසයි. ජාත්‍යන්තර විෂය නිර්දේශවලට අනුව සැකසුනු ඉහල ඉල්ලුමක් ඇති උසස් පාඨමාලා රැසක් එහි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අපොස උසස් පෙල සමත් සිසුන්ට මෙන්ම උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන අයටද සෘජුවම මෙහි උපාධි පාඨමාලා සදහා ලියාපදිංචි විය හැකිය. අපොස සාමාන්‍ය පෙළ නිම කළ සිසුන්ටද පදනම් පාඨමාලාවක් සම්පුර්ණ කිරීමෙන් අනතුරුව හරිත සරසවියේ උපාධි පාඨමාලා සදහා ලියාපදිංචි විය හැකි බව උපකුලපතිවරයා කියයි.
COMMENTS