තමාට ජාතික පොලිස් කොමිසන් සභාවේ ලේකම් ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ආරියදාස කුරේ මහතා පවසයි. ඊට අදාළ ලිපිය අද(20) දිනයේ තමන් වෙත ල...
තමාට ජාතික පොලිස් කොමිසන් සභාවේ ලේකම් ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ආරියදාස කුරේ මහතා පවසයි.
ඊට අදාළ ලිපිය අද(20) දිනයේ තමන් වෙත ලැබුණු බව ආරියදාස කුරේ මහතා පැවසී ය.
කොන්ත්‍රාත් පදනම මත සේවයට අනුයුක්ත කර සිටි ලේකම්වරයාගේ ධුර කාලය නිමවීමට තිබුණේ මෙම වසරේ සැප්තැම්බර් මස 30 වනදායි.
කෙසේ වෙතත් පෙබරවාරි මාසයේ නිකුත් කළ නව චක්‍රලේඛයකට අනුව මෙලෙස තමන් සේවයෙන් ඉවත් කළ බව පොලිස් කොමිසම යොමුකළ ලිපියෙහි දැක්වෙන බව ඔහු පැවසී ය.
COMMENTS