දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නුවර නොසන්සුන්තාවයක් ඇතිකළ පුද්ගලයන්ට දඩුවම් ලබාදිය යුතු බව අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසයි (VIDEO)
Homeප්‍රවෘත්ති

නුවර නොසන්සුන්තාවයක් ඇතිකළ පුද්ගලයන්ට දඩුවම් ලබාදිය යුතු බව අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසයි (VIDEO)

PropellerAds

දේපොල විනාශ කරමින් ජන ජීවිතවලට හානිකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දඩුවම් ලබාදීම රජය සතු වගකීමක් යැයි ශ්‍යමොපාලී වංශික මහ නිකායේ...

මම ණය වෙලා කියලා දන්නවානම් රට භාරගත්තේ ඇයි? (VIDEO)
මම ණය වෙලා කියලා දන්නවනම් රටක් භාරගත්තේ ඇයි? (VIDEO)
ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි

දේපොල විනාශ කරමින් ජන ජීවිතවලට හානිකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දඩුවම් ලබාදීම රජය සතු වගකීමක් යැයි ශ්‍යමොපාලී වංශික මහ නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සදහන් කළහ පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් සිදුවූ හානිය සහ ජන ජීවිතවල වත්මන් තත්ත්වය විමසාබැලීම සදහා මහා නායක හිමියන් ඇතුලුව සර්ව ආගමික නියෝජිත පිරිසක් ඊයේ (19) පස්වරුවේ තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල නිරීක්ෂණයේ නිරතවූහ. බලගොල්ල බෞද්ධ මධ්යස්ථානයට රැස්වූ මහා සංඝරත්නය ඇතුලු නියෝජිත පිරිස එහිදී සාකච්ඡා කොට අනතුරුව කෙන්ගල්ල ජුම්මා මුස්ලිම් පල්ලිය ද දිගනේ ස්ථාන කිහිපයක ද නිරික්ෂණයට එක්විය. පසුව පහරදීම නිසා මරණයට පත් අම්බාලේ පුස්ගෝවේ පදිංචිව සිටි තරුණයාගේ පවුලේ ඥතීන් හමුවීම ද මෙම නියෝජිතයන් විසින් සිදුකරන ලදි. සුළු සිදුවීමක් මහා නොසන්සුන්තාවක් හා ජනවාර්ගිය ගැටලුවක් දක්වා වර්ධනය වූ නමුත් පුස්ගෝව ග්‍රාමයේ ජනතාවගේ හැසිරීම ඉතා ආදර්ශමත් යැයි එහිදී කී අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙසේ සදහන් කළහ. සිංහළ බෞද්ධයන් අන් ජාතීන්ට ආදර්ශමත් විය යුතුයි. දරුවන්ට පියෙක්, බිරිදට සැමියා, පියාට පුතු අහිමිවුවත් මේ පවුලේ හැසිරීම ඉතාමත්ම බුද්ධිමත්. ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් ද ගම සන්සුන් කිරීම සදහා වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා. දේපොල විනාශ කර, ජන ජීවිතවලට හානි කළ අයට දඩුවම් ලබාදිය යුතුයි. එය රජය සතු කාර්යයක් යැයි අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සදහන් කළහ. මරණයට පත් තරුණයාගේ පාසල් වයසේ දියණියගේ අධ්යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරිමට මෙම නියෝජිත පිරිස ඉදිරිපත්වන බව මෙහිදී සදහන් කළහ. ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්රාස්ත්රපති බානගල උපතිස්ස හිමි, රත්විට රජමහ විහාරාධිපති සත්කෝරළ මහ දිසාවේ උපප්රධාන සංඝනායක පූජ්ය මාගල්කඩවල පුඤ්ඤසාර හිමි, මැදදුම්බර පාතදුම්බර ප්‍රධාන සංඝනායක තල්පොත ධම්මජෝති හිමි, සර්ව ආගමික සමුළුවේ ලේකම් කනක සංඛේ පියතුමා, සර්ව ආගමික සමුළුවේ විධායක සභික ජාවිඩ් යූසුෆ් මහතා ඇතුලු පිරිසක් මෙම සංචාරය සදහා එක්වූහ. නදීක දයා බණ්ඩාර - මහනුවර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුවර නොසන්සුන්තාවයක් ඇතිකළ පුද්ගලයන්ට දඩුවම් ලබාදිය යුතු බව අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසයි (VIDEO)
නුවර නොසන්සුන්තාවයක් ඇතිකළ පුද්ගලයන්ට දඩුවම් ලබාදිය යුතු බව අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසයි (VIDEO)
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/03/Screen-Shot-2018-03-20-at-2.49.28-PM.png
https://i.ytimg.com/vi/REcbBxG5KW8/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/video_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/video_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy