හැටන් - වැලිඔය ප්‍රධාන මාර්ගයේ වැලිඔය වත්ත පහළ කොටසේ පිහිටි විශාල මැයි මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (25) අලුයම 5.00 ...
හැටන් - වැලිඔය ප්‍රධාන මාර්ගයේ වැලිඔය වත්ත පහළ කොටසේ පිහිටි විශාල මැයි මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (25) අලුයම 5.00 සිට ඇණහිට ඇති බව වටවල පොලීසිය පවසයි.
එම ගස කඩාවැටීම හේතුවෙන් වැලිඔය, පුදුකාඩු, ආග්‍රඔය යන මාර්ගවල ගමනාගමන කටයුතු ද ඇණහිට තිබේ.
ගස කඩා වැටීම නිසා දුරකතන රැහැන් පද්ධතියට ද දැඩි ලෙස අලාභ හානි සිදුව ඇත.
පොලීසිය ප්‍රකාශ කළේ මේ වනවිටත් එම ගස කපා ඉවත් කර මාර්ගයේ ගමනාගමනය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරන බවයි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS