දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංගා, මහේලගේ පා ගමනට විග්නේෂ්වරන් එයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

සංගා, මහේලගේ පා ගමනට විග්නේෂ්වරන් එයි (PHOTOS)

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර මහතා සහ මහේල ජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ට්‍රේල් පාගමන ඊයේ (06) යාප...

පාගමන රාත්‍රීයේම කිරිබත්ගොඩට
හම්බන්තොට ව්‍යාපෘති ගැන ඇතැම් ප්‍රකාශ සාවද්‍යයි - ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති ඇතුළු 3ක් රිමාන්ඩ්
සංගා, මහේලගේ පා ගමනට විග්නේෂ්වරන් එයි (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර මහතා සහ මහේල ජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ට්‍රේල් පාගමන ඊයේ (06) යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ විය.

ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා වාට්ටුවක් ඉදිකිරිම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම පාගමන දෙවුන්දර තුඩුව දක්වා ගමන් කිරීමට නියමිතය.

ඊයේ එහි ආරම්භක අවස්ථාවට උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන් මහතා ඇතුලු මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු ද සහභාගී විය.

පා ගමනේ යෙදෙන පිරිස කොඩිකාමම්, මාන්කුලම්, මැදවච්චිය, ගලිගමුව, කුරුණෑගල, කොච්චිකඩේ, කොළඹ, පානදුර සහ සීනිගම යන දිස්ත්‍රික්කයන් පසුකරමින් ඉදිරියට ඇදෙනු ඇත.

දින 28 ක් තුළ මෙම පාගමන මගින් කිලෝමීටර 670 ක දුරක් ආවරණය කරනු ලැබේ.

මෙම වැඩසටහනට විශාල පිරිසක් සහභාගී වන අතරම මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 220ක පමණ මුදලක් එක්රැස් වී තිබේ.

රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, ඔර්සක සන්නාමය සඳහන් භාණ්ඩ මිලදීගැනීම, ඔර්සක ගිණුමට මුදල් බැර කිරීම හෝ ඩයලොග්/මොබිටෙල් විද්‍යුත් මුදල් සේවාවන් ඔස්සේ මුදල් යොමුකිරීම වැනි විවිධ ක්‍රම ඔස්සේ ඕනෑම කෙනෙකුට මෙම මෙහෙවරට දායක විය හැක.

2015 වසරේදී පිළිකා රෝග හා සම්බන්ධ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණු කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය ඉදිකිරීම සඳහා මෙම අරමුදල් සියල්ල බැරකෙරේ.

මෙම රෝහලට ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් පමණක් නොව බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් පවා රෝගීන් පැමිණෙන නිසා ඉන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇත.

මිලියන 06 ක පමණ ජනගහනයකට සේවා සලසන මෙම රෝහලට ඇති ප්‍රධානතම ගැටලු‍ව වන්නේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමය.

ඒ නිසා මෙම රෝහල පුළුල් කිරීම මේ මොහොතේ අනිවාර්යයෙන්ම සිදුකළ යුතු කටයුත්තක් වී තිබේ.

යෝජිත නව ගොඩනැගිල්ල මගින් මෙම රෝගීන්ට අවශ්‍ය උපදේශන කාමර සහ පුනරුත්ථාපන පහසුකම් ආදී පහසුකම් මෙන්ම නව විකිරණවේද සහ ව්‍යාධිවේද රසායනාගාර වැනි පහසුකම් රැසක්ද සැලසෙනු ඇත.

ඔර්සක 2016 වැඩසටහනට නන් අයුරින් සහය දීමට එක්වී සිටින අනුග්‍රාහක පිරිස නිසා මෙම වැඩසටහන යථාර්ථයක් බවට පත්කරගැනීමේ හැකියාව ලැබී තිබේ

Dialog Axiata, MAS Holdings, Akbar Brothers, A&E, Capital Maharaja Group, Showtown Entertainment, Sri Lankan Airlines යන සමාගම් මෙම ව්‍යාපෘතියෙහි ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙස එක්වී සිටිති.

එමෙන්ම රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ද මීට විශාල ලෙස මුදල් යෙදවීමට එකඟතාවය පළකර තිබේ.

මෙම පාර්ශව ලබාදෙන දායකත්වය මෙම වැඩසටහන මේ දක්වා ලැබී ඇති විශාලම දායකත්වයන් වේ.

ඊට අමතරව පා ගමන අතරතුර ඊට සහභාගී වන්නන්ට සත්කාරයන් හා සේවා සැලසීම මගින් වැඩසටහන දායක වීමට තවත් සමාගම් හා ආයතන රැසක් එක්වී සිටීයි.

ඔවුන්ගේ දායකත්වය සමගින් සෑම කිලෝමීටර 05 කට වරක්ම ජලය සපයනු ලබන අතර ආරම්භක ස්ථානයේදී සහ සෑම කිලෝමීටර 10 - 15 හෝ 20 කට වරක් ආහාර සපයනු ලබයි.

ඊට අමතරව පා ගමනේ යෙදෙන්නන්ට ආරක්ෂාව සපයා ඇති අතර හදිසියකදී සේවා සැලසීම සඳහා 1990 වැඩසටහනේ ගිලන් රථ මෙන්ම ශාන්ත ජෝන් සේවාවේ ගිලන් රථද සූදානමින් සිටී.

මෙම වැඩසටහනේ එක් කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ එය සමාගමක් හෝ ආයතනයක් මගින් ආරම්භ කරන ලද්දක් නොව පුද්ගලයන් දෙදෙනෙකුගේ උත්සාහය හා උනන්දුව නිසා බිහිවූ වැඩසටහනක් වීම ය.

එමෙන්ම වැඩසටහනේ සෑම අදියරකදීම එය සැබවින්ම සාමූහික උත්සාහයක් බවට පත්කිරීමට එහි නිර්මාතෘවරු සමත්වී සිටිති.

අරමුදල් රැස්කරන්නන්, පරිත්‍යාගශීලීන්, වෛද්‍යවරුන්, රෝහල් විශේෂඥයන් සහ ශ්‍රී ලංකා රජය ඇතුළු සියලු‍ම පාර්ශ්ව මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා එක්වී ඇත.

මේ සඳහා දායක වන්නට අවශ්‍ය නම් පහත සඳහන් වෙබ් අඩවියන්ට සම්බන්ධ වී තොරතුරු ලබාගත හැකිය.

www.trailsl.com

http://ift.tt/2dD56PD

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංගා, මහේලගේ පා ගමනට විග්නේෂ්වරන් එයි (PHOTOS)
සංගා, මහේලගේ පා ගමනට විග්නේෂ්වරන් එයි (PHOTOS)
http://ift.tt/2e7JYDI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/photos_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/photos_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy