රජයේ දේපල අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාඛාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනා හෙට(01)...
රජයේ දේපල අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාඛාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනා හෙට(01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වරකාපොල මහේස්ත්‍රාත්වරයා අද(31) නියෝග කළේය.
ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමට අයත් වාහන දෙකක් වරකාපොල ප්‍රදේශයට රැගෙනවිත් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාවට සහභාගී කරවු බවට මොවුන් තිදෙනා ඊයේ(30) වරකාපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ රජයේ වාහන සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මතයි.
අත්අඩංගුවට ගත් තිදෙනා අතර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ රියදුරන් දෙදෙනෙකු ද වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS