දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පහරදීමකින් ග්‍රාම නිලධාරියෙක් රෝහලේ (PHOTOS)
Homeප්‍රවෘත්ති

පහරදීමකින් ග්‍රාම නිලධාරියෙක් රෝහලේ (PHOTOS)

PropellerAds

ඊයේ (23) පස්වරුවේ හොර දැව තොගයක් වාහනයකින් ගෙනවිත් දමන බවට ලැබුණු තොරතුරක් පිළිබඳව සොයා බැලීමට තම වසමට ගිය ග්‍රාම නිලධාරිවරයාට එම දැව තොගය...

පහරදීමකින් ග්‍රාම නිලධාරියෙක් රෝහලේ (PHOTOS)

ඊයේ (23) පස්වරුවේ හොර දැව තොගයක් වාහනයකින් ගෙනවිත් දමන බවට ලැබුණු තොරතුරක් පිළිබඳව සොයා බැලීමට තම වසමට ගිය ග්‍රාම නිලධාරිවරයාට එම දැව තොගය ගෙන ආ පිරිස පහර දී ඇති අතර ඔහු මේ වනවිට ගලේවෙල රෝහලෙහි ප්‍රතිකාර ලබයි.

මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුවක්පිටිය හා නබඩගහවත්ත වසම් දෙකේ සේවය කරන ග්‍රාමනිලධාරීවරයා වන වයි.එම්.ඩබ්ලිව්. ධර්මවර්ධන බණ්ඩාර මහතායි.‍

පහරදුන් බවට සැකපිට මේ වනවිට පුද්ගලයන්  03දෙනකු හා ඉරන ලද විවිධ වර්ගවලට අයත් දැව තොගයක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.

ග්‍රාමනිලධාරීවරයා ප්‍රකාශ කළේ කාලයක සිට තම වසමේ නීති විරෝධී අන්දමින් දැව ජාවාරම් සිදුවන බවත් අවස්ථා කීපයකදී තමන් මෙම ජාවාරමට නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවත්ය.

ඊයේ තමන් වසමේ සිටින අවස්ථාවේ ගම්වාසියෙකු තමන්ට දුරකතනයෙන් මෙලෙස දැව තොගයක් වාහනයකින් බාන බව පැවසූ බවත් ඒ අනුව තමන් අදාළ ස්ථානයට ගොස් බලද්දී එම ක්‍රියාව සත්‍ය බව දැකගන්නට හැකි වූ බවත් පසුව තමන් පොලිසියට ඇමතුමක් ගැනීමට උත්සාහ කරද්දී දැව බාමින් සිටි 05දෙනකු තමාට පහරදුන් බවත් පහර කෑමට ලක්වූ ග්‍රාම නිලධාරීවරයා පැවසීය.

ඔහු සතුව තිබු රාජකාරි දිනපොත හා යතුරු කැරැල්ලක් පහරදුන් පිරිස පැහැරගෙන ඇති අතර සිද්ධිය සිදුවූ ස්ථානය අසල සිටි නිවැසියන් විසින් ඔහුව බේරාගෙන රෝහල්ගත කර තිබේ.

එම චෝදනාව පිළිබඳව මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටින පහරදුන් බව කියන පුද්ගලයාගේ පුතෙකු වූ මොහොමඩ් නපිස් මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙම ග්‍රාමනිලධාරීවරයා නිතර නිතර තම පියාගේ වැඩවලට විරුද්ධව නීතිය හමුවට අරගෙන යන බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ තමන් කිසිවිටෙක අදාළ ග්‍රාමනිලධාරීවරයාට පහර නුදුන් බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය විසින් සිදුකරයි.

ඡායාරූප පහතින්.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පහරදීමකින් ග්‍රාම නිලධාරියෙක් රෝහලේ (PHOTOS)
පහරදීමකින් ග්‍රාම නිලධාරියෙක් රෝහලේ (PHOTOS)
http://ift.tt/2dD0x5L
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/photos_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/photos_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy