දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති ධූරයේ වෙනසක් නෑ! ලොකු වෙනසක් සහිත කැබිනට් සංශෝධනයක්
Homeප්‍රවෘත්ති

අගමැති ධූරයේ වෙනසක් නෑ! ලොකු වෙනසක් සහිත කැබිනට් සංශෝධනයක්

PropellerAds

ලඟදීම විශාල වෙනස්කම් සහිතව කැබිනට් සංශෝධනයක් සිදුකරන බවත් යහපාලන ආණ්ඩුව මේ ආකාරයටම ඉදිරියටත් පවත්වාගෙන යන බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍...

රට බංකොලොත් වුනේ ආණ්ඩු නිසා නොවේ... මහ බැංකුව නිසා... මහා බැංකු නිලධාරීන්ට ප්‍රායෝගික දැනුමක් නෑ - රවී කරුණානායක
හිටපු ප්‍රබල ඇමතිගේ ආරක්ෂකයාගේ බිරිඳට මත්පැන් බලපත්‍රයක්!
තවත් රාජපක්ෂ කෙනෙකුට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්!
අගමැති ධූරයේ වෙනසක් නෑ! ලොකු වෙනසක් සහිත කැබිනට් සංශෝධනයක්

ලඟදීම විශාල වෙනස්කම් සහිතව කැබිනට් සංශෝධනයක් සිදුකරන බවත් යහපාලන ආණ්ඩුව මේ ආකාරයටම ඉදිරියටත් පවත්වාගෙන යන බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

අද(15) අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බවට ප්‍රකාශ කළ බවත් ඔහුටද ඇතැම් අවස්ථාවන්වලදී චෝදනා එල්ල වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධූරය රාජිත සේනාරත්න අමාත්‍යවරයාට හිමි වන බවට පැතිර යන ආරංචි පිළිබද එහිදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ තමාට සෞඛ්‍ය ඇමැති ධූරයත් පොලිස් ඇමැති ධූරයත් දැරිය නොහැකි බවයි.

මෙම පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගෙන ඇත්තේ අඩු ඡන්ද සංඛ්‍යාවක් බවත් ආණ්ඩුව තරඟ කළේ වෙන් වෙන්ව බවත් යහපාලන ආණ්ඩුවට සහය දෙන පක්ෂ සියල්ල එක්කළ විට මැතිවරණයේදී සියයට 55.3කට යහපාලන ආණ්ඩුවේ ඡන්ද වැඩිවී ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිසා අගමැතිවරයා ඉවත් විය යුතු නැති බවත් තනි ආණ්ඩුවක් පිහිටුවීමට එජාපයට හෝ ශ්‍රීලනිපයට නොහැකි බවත් නමුත් එජාපයට වැඩි බලයක් තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා ශ්‍රීලනිපයට බහුතර බලයක් නොමැති බවත් එනිසා යහපාලනයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවත් කියා සිටියේය.

කිසිසේත් අගමැතිධූරයේ වෙනසක් සිදු නොවන බවත් ආණ්ඩුව කරන්නේ කොහොමද? පක්ෂය කරන්නේ කොහොමද? යන්න ප්‍රධාන පක්ෂ දෙකේ විවිධ සාකච්ඡා යන බවත් රිෂාඩ් බදියුදීන්, තිගාම්බරන්, මුස්ලිම් කොන්ග්‍රසය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියටත් සහය දෙමින් යහපාලන රජය දිගටම රැදී සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති ධූරයේ වෙනසක් නෑ! ලොකු වෙනසක් සහිත කැබිනට් සංශෝධනයක්
අගමැති ධූරයේ වෙනසක් නෑ! ලොකු වෙනසක් සහිත කැබිනට් සංශෝධනයක්
http://am.lk/media/k2/items/cache/77cd46f9755684ac374d1be9d6a696d8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_440.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_440.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy