ශ්‍රී පාද රක්ෂිතයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට පසුගියදා සමාජජාල වෙඩ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් ගූගල් සිතියමට අනුව අප වා...
ශ්‍රී පාද රක්ෂිතයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට පසුගියදා සමාජජාල වෙඩ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් ගූගල් සිතියමට අනුව අප වාර්තාකරු විසින් කළ සොයා බැලීමකදී එම හෝටල් භූමිය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමීටර් 06ක් එපිටින් වූ මරේ දිය අැල්ල ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩමක ඉදිකිරීමට සැලසුම් කර ඇති බවට කරුණු තහවුරු වී ඇත.
මේ පිළිබඳව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුලු රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් ද ප්‍රකාශ කළේ එවැනි හෝටලයක් ශ්‍රී පාද පුදබිම තුළ ඉදි නොවන බවට තමන් තහවුරු කොට කියා සිටින බවයි.
එම ගූගල් ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS