චිලීට ඇප ලැබෙද්දී ඩෙංගු පරීක්ෂා වීඩියෝව හා තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට පසුගියදා වැඩිහිටි පුද්ගලයෙකුට මහමගදී බැණවැදී පහරදීමේ සිද්ධ...
චිලීට ඇප ලැබෙද්දී
ඩෙංගු පරීක්ෂා වීඩියෝව හා
තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට
පසුගියදා වැඩිහිටි පුද්ගලයෙකුට මහමගදී බැණවැදී පහරදීමේ සිද්ධියක් නිසා සති දෙකක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගායක චිලී තිලංක අද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත කඩුවෙල අධිකරණයෙන් නිදහස ලැබුවා.
එම අවස්ථාවේ ඔහුට ඇප ලබාදීම නොකරන්නැයි ඉල්ලා සිටි පැමිණිලි පාර්ශ්වයේ
නීතිඥයින් ඔහුට ඇප ලැබෙන්නේ නම් පැමිණිලිකරුට අගතියක් සිදුවිය හැකි බවත් ඔහුගේ පෙර වැරදි ඇති බවත් කියා සිටියා. ඒ බව ඔප්පු කරන්නට ඔවුන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ ‘ඩෙංගු පරීක්ෂක’ වීඩියෝවද ඉදිරිපත් කළා. මින් වසර කිහිපයකට පෙර ඩෙංගු රෝගයෙන් පරිසරය ආරක්ෂා කිරීමේ නිලධාරීන් එම නිවසට ඇතුළුවන්නට දැරූ උත්සාහයකදී චිලී සහ මව ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් එළවාගන්නා හැටි එහි සටහන්ව තිබුණ අතර එය නැරඹූ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ එය බරපතල කාරණාවක් බවත් මේ ගැන වෙනම නඩුවක් ගොනු කරන ලෙසත්ය.
දෙවනුව කරුණු දැක්වූ පැමිණිලිකරුවන්ගේ නීතීඥයින් කියා සිටියේ චිලී තිලංකගේ නිවසේ තාප්පයේ මිනිසුන් නොමග යවන ව්‍යාජ නියෝගයක් සටහන් කර ඇති බවකි.
‘වාහන නතර කිරීම තහනම් මීට අණපරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුගේගොඩ‘ යනුවෙන් සටහන් කර තිබූ ඡායාරූපද අධිකරණයට ඉදිරිපත් විය.
මේවා සම්බන්ධ නඩු විභාග ඉදිරියේදී විමසුමට ලක්වන අතර ලබන 24 වනදා අධිකරණයේ යළි පෙනී සිටින්නට නියෝග කරමින් ගායක චිලී තිලංකට මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා මගින් ඇප ලබාදෙනු ලැබුවා.
- චිලී හා මව සම්බන්ධ අන්තර්ජාලයේ පළවූ ඩෙංගු පරීක්ෂා වීඩියෝව මෙතැනින්
(ඡායාරූප හා විස්තර - ඉරංගි එදිරිසිංහ)
COMMENTS