කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුෙණ් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා තමාට විශ්වාස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහ...
කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුෙණ් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා තමාට විශ්වාස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කෝප් කමිටුව සම්බන්ධයෙන් වත්මන්හි ඇතිවී පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් අද(25)පාර්ලිමේන්තුවේදී මතුවූ ගැටළු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම කමිටුවේ සභාපතිවරයා පත්කරගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ සෑම සියලුදෙනාගේම සහයෝගයෙන් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කෝප් සභාපති ලෙස පත්වීම සිදුවනුයේ කලාතුරකින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ නම් මෙවන් වාර්තාවක් වසර 3න් නොව අවුරුදු 10න්වත් එළියට එන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙවන් කමිටුවක විවිද අදහස් නියෝජනය කරන විවිධ පිරිස් සිටින බැවින් යම් යම් මතභේද හා ගැටළු පැනනැඟීම සාමාන්‍ය දෙයක් බවත් එහෙත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS