හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්...
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා අළුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
COMMENTS