හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද(27) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා...
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද(27) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා අද(27) පස්වරු 3.12ට පමණ එමරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සිංගප්පූරුව බලා පිටත් ගිය බවයි.
මේ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇති බවත්ය.
එසේ පැන ගොස් ඇත්තේ පොඩි සතෙක් නොව තෝරකු බවත් ඔහු එහිදී පැවසී ය.
COMMENTS