හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය අද (20)...
හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය අද (20) නියෝග කර තිබේ.
කර්මාන්ත ශාලාවේ ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා හොරණ පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
තවත් පුද්ගලයින් කිහිපදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් හොරණ මුලික රෝහලට ඇතුළු කර ඇති අතර පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.
COMMENTS