ඊයේ (19) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා එම බන්ධනාගාරයේ "M-වාට්ටුව" නමින් හැඳින්වෙන විශේෂ...
ඊයේ (19) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා එම බන්ධනාගාරයේ "M-වාට්ටුව" නමින් හැඳින්වෙන විශේෂ සිර මැදිරිය වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
"මෝර වාට්ටුව" නමැති අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන මෙම සිරකුටිය මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන්වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ද රැඳවීමට භාවිත කර ඇත.
එමෙන්ම CSN නාළිකාවේ අධ්‍යක්ෂවරයෙකුවන රොහාන් වැලිවිට මහතා ඇතුළු කණ්ඩායමක් රඳවා තබා ඇත්තේ ද මෙම කොටසේ යි.
බන්ධනාගාර වෛද්‍යවරයා විසින් තිස්ස අත්තනායක මහතාව ඊයේ රාත්‍රියේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කොට ඇති බව වාර්තා වේ.
අත්තනායක මහතා රඳවා තබා ඇති "M-වාට්ටුව" නමැති සිර මැදිරියට යාබදින් පිහිටි "M2" නමැති සිර මැදිරියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රඳවා තබා ඇති බව ද බන්ධනාගාර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS