දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු සෞඛ්‍ය ඇමතිගෙන් ජනපතිට දෝස්මුරයක්
Homeප්‍රවෘත්ති

උතුරු සෞඛ්‍ය ඇමතිගෙන් ජනපතිට දෝස්මුරයක්

PropellerAds

උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට ජනාධිපතිවරයා දෝෂාරෝපණයෙන් යුතුව කතා කළද එය නතර කිරීමට පියවර ගත යුත්තේද ජනාධිපතිවරයාම බව...

කැබිනට් රැස්වීම් යලි නෑ.. සියල්ල අවලංගුයි..- ජනාධිපති දන්වයි
කබීර් හෂීම් වෙනුවෙන් භික්‍ෂු පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවට විරෝධය පා තවත් භික්‍ෂු පිරිසක් කඩා පනී..
‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක් - මොහාන් සමරනායක
උතුරු සෞඛ්‍ය ඇමතිගෙන් ජනපතිට දෝස්මුරයක්

උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට ජනාධිපතිවරයා දෝෂාරෝපණයෙන් යුතුව කතා කළද එය නතර කිරීමට පියවර ගත යුත්තේද ජනාධිපතිවරයාම බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 අතරින් මත්පැන් අලෙවි කොය රජයට විශාලම ආදායම ලබාදෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මත්පැන් අලෙවිසැල් 75ක් පමණ ඇති බවත් යාපනය වැසියන්ට ඇති විශාලම ප්‍රශ්නය මත්පැන් බවත් එහිදී ජනාධිපතිවරයා පැවසීය.

මෙම තත්ත්වය වලක්වා ගන්නා ලෙස ජනාධිපතිවරයා උතුරේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළද තමන් පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පවසන්නේ එය සිදුකිරීමට උතුරු පළාත් සභාවට බලයක් නොමැති බව යැයි සත්‍යලිංගම් මහතා කියාසිටියේය.

මත්පැන් අලෙවි සැල් සඳහා බලපත්‍ර නිකුත් කිරීම හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇත්තේ මධ්‍යම රජයට බව පැවසූ ඒ මහතා උතුරු පළාතට ලබාදෙන බලපත්‍ර සංඛ්‍යාව ජනාධිපතිවරයා විසින් සීමා කළයුතුව ඇතැයිද පැවසීය.

උතුරු පළාතේ මත්පැන් අලෙවිසැල් සඳහා නීති රෙගුලාසි උල්ලංඝඛය කරමින් බලපත්‍ර ලබාදීමත් ඒවා සීමා නොකිරීමත් නිසා උතුරේ මත්පැන් අලෙවි සැල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් උතුරේ මත්ද්‍රව්‍ය භාවිතාවේ සීග්‍ර වර්ධනයක් ඇති බවත් සත්‍යලිංගම් මහතා පෙන්වාදුන්නේය.

තවද උතුරු - නැගෙනහිර පළාත්වල වැසියන් වැඩි වශයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන්නේ වසර 30ක් පැවති යුද්ධය නිසා ඔවුන් මානසික ප්‍රශ්න රැසකට මුහුණ දී සිටීම නිසා බවද ඔහු කියාසිටියේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව උතුරු පළාත තුළ ඇති සැබෑ තත්ත්වය පිළිබඳව සියලු කරුණු ඇතුලත් ලිපියක් තමන් විසින් මේ වනවිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු සෞඛ්‍ය ඇමතිගෙන් ජනපතිට දෝස්මුරයක්
උතුරු සෞඛ්‍ය ඇමතිගෙන් ජනපතිට දෝස්මුරයක්
http://ift.tt/2dIC3es
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_829.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_829.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy